Advertisement

මගේ සංචාරකයන් ඔක්කොම ආවේ වූහාන් වලින්
දුම්රියේ යන්න තිබ්බා කළුතර ඉඳලා කොල්ලුපිටියට. ඒත් ඒක අවලංගු වුණා
මිනිස්සු අනියත බියක් ඇති කරගෙන තියනවා

සුගියදා කොරෝනා ආසාදනය වූ චීන කාන්තාව සම්බන්ධයෙන් ඇගේ සංචාරක මාර්ගෝපදේශිකාව මාධ්‍ය වෙත කරුණු සඳහන් කර තිබෙනවා.

ඇය කවින්දි හංසමාලි නම් වනවා. ඇය චීන කාන්තාව සම්බන්ධයෙන් මෙලෙස අදහස් දක්වනු ලැබුවා.

‘ලෙඩ වුනේ මාත් එක්ක ගිය චීන කාන්තාවක්. එයාගෙ නම ලුවෝ යං. 19 වනදා මං ගත්තු ටුවර් එකේදී තමා මේ ගෙස්ට්ව මට හමුවුනේ. විසි දෙනෙක්ගෙන් යුත් කන්ඩායමක තමා මෙයා හිටියේ. 19 ඉඳලා 25 වන තුරු මෙයාට අසනීපයක් තිබ්බෙ නෑ.නමුත් ලංකාවෙන් පිටත්වන දවසේ තමයි මෙයාට උණ හැදුනේ.

නමුත් මගේ සංචාරකයන් ඔක්කොම ආවේ වූහාන් වලින්. එයාලට දුම්රියේ යන්න තිබ්බා කළුතර ඉඳලා කොල්ලුපිටියට. ඒත් ඒක අවලංගු වුණා.

ඊට පස්සෙ අපි කොළඹ නගර චාරිකාව කළා අපේ බස් රථයෙම තියාගෙන.ඊට පස්සෙ අපි නිදහස් චතුරශ්‍රය ළඟ ඔවුන්ව බැස්සුවා.

ඒ ගුවන් තොටුපළට යන්න කලින්. එතැනදි තමා එයා කිව්වෙ එයාට උණ හැදිල තියනව තියලා.

ඊට පස්සෙ මම 1990 ට කතාකරලා එයාවයි එයාගෙ හස්බන්ඩ් වයි සුවසැරියෙ එක්ක ගියා අයිඩීඑච් රෝහලට.

මිනිස්සු අනියත බියක් ඇති කරගෙන තියනවා අපි දිවා ආහාරය ගන්න ගිය තැනට බලන්න ගියපු තැන්වලට යන්න බය හිතිලා. නමුත් ඒ කාන්තාව එක්කම දවස් ගාණක් හිටපු ස්වාමි පුරුෂයාත් හොඳින් ඉන්නවා.අපි හැමෝම ගියපු ටීම් එකම මේ වෙද්දි හොඳ සෞඛ්‍ය තත්වයෙන් ඉන්නවා.ඒ නිසා බය වෙන්න කිසිම හේතුවක් නෑ’

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements