Advertisement

මව්පියන්ට එපා වූ දරුවන් විසිකර දැමීම වැළැක්වීම සඳහා සෑම රෝහලකම වෙනම කාමරයක් ස්ථාපිත කරන ලෙසට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ආණ්ඩුවට යෝජනා කර තිබේ.

එවැනි දරුවන් විසිකර දැමීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව අධිකාරිය පෙන්වා දෙයි.

රෝහල්වල ඉදිකෙරෙන කාමරයට දරුවා භාර දීමේදී මවගේ තොරතුරු ලබා ගැනීමක්ද සිදු නොකරන ලෙසට යෝජනා කර ඇත.
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මෙම යෝජනාව ලබා දී ඇත්තේ ළමා සහ කාන්තා කටයුතු අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිටය. මේ සඳහා නීති ප්‍රතිපාදන සකස් කළ යුතු බවද පෙන්වා දී තිබේ. තවද පාසල්වල සිදුවන විවිධ සිදුවීම් පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා ‘‘පාසලෙන් – නීතියට’’ යන සංකල්පය යටතේ ලියුම් පෙට්ටියක් සෑම පාසලකම තැබීමටද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය තීරණය කර ඇත.

එහිදී පාසල් දරුවන් මුහුණ දෙන විවිධ සිදුවීම් පිළිබඳ සටහනක් ලියුම් පෙට්ටියට බහාලීමට හැකිය.

සතියකට වරක් එම ලිපි ලබාගෙන අවශ්‍ය නීතිමය පියවර ගැනීම අධිකාරියේ බලාපොරොත්තුවයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements