Advertisement

පුරුෂ ශක්තිය වර්ධනය කර ගැනීම සඳහා Facebook තුල සඳහන් වූ කොළ වර්ගයක් නිවෙසට ගෙනැවිත් එම කොළ අඹරා යුෂ පානය කළ 36 හැවිරිදි විවාහකයකු මියගිය පුවතක් ගම්පහ මොරගොදින් වාර්තා වනවා.

ගම්පහ රෝහලේ හදිසි මරණ පරීක්ෂකවරයා ඉදිරියේ පැවැති හදිසි මරණ පරීක්ෂණයේදී මරණයට පත් ගම්පහ මොරගොඩ පදිංචි නිලූෂ ඉෂාන් පෙරේරා හෙවත් නුවන් පෙරේරා යන අයගේ මව වන එච්.ඒ. රේණුකා ජයලත් සාක්ෂි දෙමින් මේ බව සඳහන් කර තිබෙනවා.

“මියගිය පුතා විවාහකයි. බිරියගෙන් වෙන්ව මා සමඟ ජීවත්වන්නේ. පුතා සිරුර නිරෝගී කර ගන්න විවිධ කොළ වර්ගවල යුෂ හදාගෙන බොනවා කැඳත් බොනවා. සිරුර වර්ධනයට සහ ස්නායු වර්ධනයට ‘ගජ මදාරා’ නමැති ගසේ කොළ හොඳයි කියා ෆේස්බුක් එකේ තියෙනවා තියා පුතා මට කිව්වා. ගජ මදාරා ගස් ලංකාවේම තියෙන්නේ 15ක් පමණයි කියාත් පුතා මට කිව්වා. ඉකුත් 28 වැනිදා මියගිය පුතා ගජ මදාරා කොළ නිවෙසට ගෙනැවිත් එම කොළ බ්ලෙන්ඩර් එකට දමා අඹරා ඉස්ම කෝප්පයකට ගත්තා. එම ඉස්ම කෝප්ප භාගයක් බීලා ඉතිරි කෝප්ප භාගය පසුව බොන්න ශීතකරණයට දැම්මා. යුෂ කෝප්ප භාගය බීපු පුතා විනාඩි 10කින් පමණ ක්ලාන්ත කැරකිල්ලයි කියා රෝහලට රැගෙන යන්න කිව්වා. ගම්පහ මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පුතා 3 වැනිදා අලුයම මියගිය බව දැනගත්තා යැයි” ඇය පැවැසුවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements