Advertisement

මීගමුව ප්‍රදේශයේදි එක්සත් ජාතික පක්ෂයේ හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රීවරයෙකුගේ පුත්‍රයෙකු කළ පහරදීමකින් තුවාල ලැබූ වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු මාරවිල මුලික රෝහලට ඇතුලත් කර ඇති අතර එම පහරදීම සිදු කළ මන්ත්‍රී පුත්‍රයා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව වාර්තා වනවා.

මෙලෙස පහර කෑමට ලක්වූ තරුණයා වෙන්නප්පුව ප්‍රදේශයේ කාය වර්ධන මධ්‍යස්ථානයක උපදේශකයෙකු ලෙස සේවය කරන අතර මන්ත්‍රී පුත්‍රයාද වෙන්නප්පුව ප්‍රදේශයේ කාය වර්ධන මධ්‍යස්ථානයක් පවත්වා ගෙන බවයි පැවසෙන්නේ.

මේ පහර දීමට මුල් වී ඇත්තේ පසුගිය වසරේ ඒ හා සම්බන්ධව ඇති වූ ආරවුලකි.

මෙහිදී පහර කෑමට ලක්වු තරුණයා ඔවුන් අතර පැවති ගැටලුව විසදා ගැනීම සඳහා වෙන්නප්පුව පොලීසියේ පැමිණිලි කර ඇතත් ඔහු කළ පැමිණිල්ල විභාග කිරීම සඳහා පොලීසිය පියවර ගෙන නොමැති වීම කණගාටුවට කරුණක්.

පහර කෑමට ලක්වූ තරුණයා තමන් මුහුණ දුන් සිදුවීම මෙසේ විස්තර කර ඇත.

“මේ සිදුවීම ආරම්භ වෙන්නේ පසුගිය වසරේ අගෝස්තු මාසයේ.

මම වැඩ කරන ජිම් එකට විශාල තරුණයෝ පිරිසක් එනවා. නමුත් මෙයාගේ ජිම් එකට එන්නේ නැහැ.

ඒ ගැන මේ පුද්ගලයාට ලොකු වෛරයක් තිබුනා. ඒ නිසා අනවශ්‍ය සිදුවීමක් අරගෙන් බලහත්කාරයෙන් අපේ ජිම් එක වහලා දැම්මා.

මට මරණ තර්ජන ආවා.

මේ නිසා මම 2019 අගෝස්තු මාසේ 4 වෙනිදා වෙන්නප්පුව පොලීසියට පැමිණිල්ලක් දැම්මා.

ඒ දාලා මම දවස් හතරක් පොලීසියට ආවා පැමිණිල්ල විභාගයට.

නමුත් මේ පුද්ගලයා පොලීසියට ආවේ නැහැ.

ඒ හැම දිනකම පැමිණිල්ල ඉල්ලා අස්කරගන්න කියලා මට පොලීසිය ඉදිරිපිටට ඇවිල්ලා තර්ජන කළා. ගමට එන්න එපා කිව්වා.

මම මේ ගැන දුරකථන හඬපට ඉදිරිපත් කරමින් පොලීසියට කිව්වා නමුත් පොලීසිය ගණන් ගත්තේ නැහැ.

ආණ්ඩුව පෙරලුණාට පස්සේ පුරුදු පරිදි මම මගේ වැඩ කළා.

ඒ අතරේ තමයි මට මීගමුවේ දී මේ පුද්ගලයා හමු වුනේ. මට ඔලුවට මුහුණට බඩට හොඳටම ගැහුවා.

මේ සිදුවීම සි සි ටි වී පද්ධතියේ සටහන් වෙලා තියනවා.

මේ පාර පැමිණිල්ල මම දාල තියෙන්නේ මාරවිල රෝහල් පොලීසියෙයි, මිගමුව පොලිසියෙයි.

නමුත් මේ දක්වා මොහු අත්අඩංගුවට ගැනීමක් කරලා නැහැ.”

මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී මිගමුව පොලීසිය පවසා ඇත්තේ මේ පැමිණිල්ල විභාග කිරීම සඳහා මේ මස 06 වැනි දින අදාල පුද්ගලයාට මීගමුව පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දී ඇති බවයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements