Advertisement

මම වාට්ටුවේ හඬමින් සිටිනවා එහි ප්‍රධාන හෙද නිලධාරිනිය දැක්කා. ඇය මා දිනපතාම දිරිමත් කළා
දින කීපයකට පස්සේ ඇය කිව්වා මට ගෙදර යන්න පුළුවන් කියලා.

මේවන විට IDH රෝහලේ ප්‍රතිකාර ලබන කොරෝනා වෛරසය ආසාදිත වූ චීන කාන්තාව තමාට සුවය ලබා ගැනීමට උපකාර කළ සෞඛ්‍ය අංශ වෙත ස්තූතිය පළකරමින් අදහස් දක්වා තිබෙනවා.

ඇය මෙම අදහස් දැක්වීම සිදුකර ඇත්තේ චීනයේ භාවිත කෙරෙන වී චැට් (we chat) තාක්ෂණය ඔස්සේයි.

තමන් නිසා ශ්‍රී ලංකාවට සිදුවූ අපහසුතාව පිළිබඳව සමාව ඉල්ලීමටද මෙහිදී ඇය කටයුතු කර තිබුණා.

ඇය වී චැට් ඔස්සේ මෙසේද අදහස් දක්වා තිබුණා.

“මම මුලින්ම රෝහලට ඇතුළත් වූ අවස්ථාවේ සියලුදෙනා මං ගැන බය වෙලයි හිටියේ. මමත් බොහොම කලබල වුණා. මම දැනුවත්ම නෙමෙයි මට මේ ලෙඩේ හැදුණේ. ඒ නිසා ලංකාවට ඇතිවුණු කරදරය ගැන මම සමාව ඉල්ලනවා. මටම තවම විශ්වාස කරන්න බැහැ මට අසනීප වුණා කියලා.

මම වූහාන්වලට ගියේ රැස්වීමකට සහභාගි වෙන්නයි. පසුව මම ශ්‍රී ලංකාවට පැමිණියා. ඉන්පසු මට රාත්‍රියේ උණ රෝගී ලක්ෂණ තිබුණා. එම නිසා මෙහේ රෝහලකට ගියා. මම වාට්ටුවේ හඬමින් සිටිනවා එහි ප්‍රධාන හෙද නිලධාරිනිය දැක්කා. ඇය මා දිනපතාම දිරිමත් කළා. මට අවශ්‍ය කරන සියලු දේ ඇය ගෙනැවිත් දුන්නා. වෛද්‍යවරුන් ඇවිත් දිනපතාම මාව සැනසුවා. ඒ වගේම සංචාරක ක්ෂේත්‍රයෙ හිටපු නියෝජිතයනුත් අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධවෙලා මගේ සුවදුක් සොයා බැලුවා.

මට කොරෝනා වෛරසය ආසාදනය වෙලා කියලා දැනගත්තු ඒ ක්‍රියාවලිය ඉතාම කරදරකාරී සහ අපහසු එකක්. ඒ වෙනකොට ශ්‍රී ලංකාවට වෛරසය ඇවිල්ල තිබුණේ නැති නිසා වෙන්න ඇති.

පළමු පරීක්ෂණයේදී කොරෝනා ආසාදනය වෙලා කියල තහවුරු කළේ නැහැ. තුන්වෙනි දවසේදී කොරෝනා කියලා තහවුරු කළේ. මගේ ප්‍රධාන හෙද නිලධාරිනිය ඉතාම හොඳයි. දින කීපයකට පස්සේ ඇය කිව්වා මට ගෙදර යන්න පුළුවන් කියලා. ඇය මාත් සමග ඡායාරූපයටත් පෙනී සිටියා. ශ්‍රී ලංකාවෙ ඉන්න සෞඛ්‍ය නිලධාරීන් ඉතාම හොඳයි. හැමෝටම ගොඩක් ස්තූතියි”

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements