Featured News

Video Gossip

Advertisement

ආදරවන්තයන්ගේ දිනය සැමරීම සඳහා මහනුවර ප්‍රධාන පෙළේ හෝටලයක මත්ද්‍රව්‍ය භාවිත කරමින් ෆේස් බුක් සාදයක් පවත්වමින් සිටි පාසල් සිසුන් ඇතුළු දෙසීයකට ආසන්න තරුණ තරුණියන් පිරිසක් මධ්‍යම පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

ආදරවන්තයන්ගේ දින සාදයට සහභාගි වී සිටි පිරිස අතර පොලිස් පරීක්ෂකවරයකු, බන්ධනාගාර ජේලර්වරයකු, විශ්වවිද්‍යාල සිසුන්, බැංකු සේවකයන් හා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ විධායක ශ්‍රේණියේ රැකියාවල නියුක්ත අයද වන බව වැටලීම සිදු කළ මධ්‍යම පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය සඳහන් කරනවා.

මත්ද්‍රව්‍ය භාවිත කළ තරුණියන් 25 දෙනකු පමණ සාදයට සහභාගි වී සිට තිබෙනවා. ෆේස් බුක් සාදය සංවිධානය කළ පුද්ගලයා සමග වැටලීම සිදු කරන අවස්ථාවේ මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් 18 දෙනකු අත්අඩංගුවට ගත් බවත් සෙසු අය අවවාද කර මුදාහැරි බවත් මධ්‍යම පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති නාලක මලවිපතිරණ මහතා සඳහන් කළා.

සැකපිට අත්අඩංගුවට ගත් වයස අවුරුදු 18 ත් 25 අතර තරුණ පිරිස සතුව තිබී හෙරෝයින්, ගංජා, අයිස්, මර්ජුවානා, ස්ටෑම්ප් ,කේරළ ගංජා, කුෂ් සහ විවිධ කෘත්‍රිම මත්පෙති වර්ග රැසක් තිබී සොයා ගෙන තිබුණා.

facebook ඔස්සේ මෙම සාදය පිළිබඳව ප්‍රචාරය ලබා දෙමින් ඊට පුද්ගලයන් සම්බන්ධ කරගෙන තිබෙන අතර මහනුවර, දඹුල්ල, අනුරාධපුර, ගම්පහ, කොළඹ, ත්‍රිකුණාමලය ආදී ප්‍රදේශ රැසකින් තරුණ තරුණියන් පැමිණ තිබෙනවා.

සාදයට එක්වීම සඳහා රුපියල් 2500 ක ටිකට් පතක් නිකුත් කර තිබෙන බවත් මත්ද්‍රව්‍ය රුපියල් 3500 ඉහළ මිල ගණන්වලට අලෙවි කර තිබෙන බවත් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබෙනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements