සමාජ මාධ්‍ය ජාලාවල දැඩි ආන්දෝලනයකට ලක්ව ඇති කුඩා දැරියක ලිංගික අපයෝජනයකට ලක්කිරීමේ දර්ශන ඇතුළත් වීඩියෝව මුදා හළ මූලාශ්‍ර ගැන හෝඩුවාවක් ලැබී ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා පවසනවා.
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අන්තර්ජාල ආවේක්ෂණ ඒකකය මගින් ඒ ගැන මූලික විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ද ඒ අනුව මෙම හඳුනාගැනීම් කර ඇතැයි ද මහාචාර්ය විදානපතිරණ මහතා කියා සිටියා.
වීඩියෝවට අදාළ සිදුවීම සම්බන්ධයෙන් රංගන ශිල්පිනියකගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇතැයි ද ඉදිරියේ දී ඇය තවත් තොරතුරු ලබාදීමට නියමිත යැයි ද විදානපතිරණ මහතා සඳහන් කළා.
එම සිදුවීම සම්බන්ධයෙන් බොහෝ පාර්ශව විවේචන එල්ල කළ ද ළමා අපයෝජන සිදුවීමක් බැවින් සංවේදී ලෙස විමර්ශන කිරීමට සිදුව ඇතැයි සභාපතිවරයා පවසනවා.
රජයේ රස පරීක්ෂකවරයාට එම වීඩියෝව ලබා දී ඊට අමතරව අධිකාරියේ පොලිස් ඒකකය මගින් වෙනම විමර්ශනයක් සිදුවන්නේ යැයි ද මහාචාර්ය විදානපතිරණ මහතා කියා සිටියා.

