Featured News

Video Gossip

Advertisement

මෙහෙයවලා තිබුනේ ගුරුවරු නෙමෙයි දෙවිවරු
බොහොම කැපවීමෙන් ලෝකය දිනන්න හදන පුංචි පාසලක්

අවුරුද්දේ මුල් මාස කිහිපය කියලා කියන්නේ පාසල් ජිවිතයේ කාර්යබහුලම කාලසීමාවක් කිව්වොත් හරි. අලුත් අවුරුද්දේ අලුත් පන්තිවල වැඩ නිසා වගේම වාර්ෂික ක්‍රීඩා උත්සවය, අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලි මේ කාර්යබහුලත්වයට ගොඩක්ම බලපානවා. මේ අතරින් වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උත්සවය එහෙමත් නැත්නම් අපි හැමෝටම පුරුදු ස්පෝර්ට් මීට් විශේෂ තැනක් ගන්නවා. ඒක ටිකක් වෙනස් හරි අපූරු අත්දැකීමක්.

ලංකාව පුරා හැම පාසලකම වගේ පැවැත්වෙන sport meet ගැන කතා ගොඩක් මේ දවස්වල අහන්න ලැබෙනවා. මේ ඒ අතරින් ගොඩක් අයව සංවේදී කල කතාවක්. 

මේ අපූරු sport meet එක පවත්වලා තියෙන්නේ ගාල්ල මාපලගම කොට්ඨාසයේ ගෝනලගොඩ විජයබාහු කියන පුංචි ඉස්කෝලේ. විශේෂත්වය වෙන්නේ මේ ඉස්කෝලේ ඉන්නේ ළමයි 18 දෙනෙක් පමණක් වීම. ළමයි 18 දෙනෙක් ඉන්න ඉස්කෝලෙක sport meet එකක් තියලා? ඔබ පුදුම වෙනවා ඇති. නමුත් මේ කතාව ඇත්තක්. පාසලේ ඉන්න ලොකු පිරිසක් එකතු කරගෙන පුළුවන් උපරිමයෙන් සල්ලි වියදම් කරලා ලංකාව පුරාම පැවැත්වෙන sport meet ගොඩක් අතරේ මුළු ඉස්කොලෙටම ඉන්න ළමයි 18 දෙනා එකතු කරගෙන තමන්ට පුළුවන් විදිහට බොහොම සරලව පවත්වලා තිබුන මේ sport meet එක දකින ඕන කෙනෙක්ගේ ඇස් වලට කඳුළු ගෙන එන බව සහතිකයි. 

මේ දරුවන්ව අපූරු ක්‍රීඩා උත්සවයක් වෙනුවෙන් මෙහෙයවලා තිබුනේ ගුරුවරු නෙමෙයි දෙවිවරු කියලා හැමෝම කතාවෙන්න පටන් ගත්තේ ක්‍රීඩා උත්සවයේ දවසේ ඡායාරූප හරි වේගයෙන් සමජ මාධ්‍ය ජාල පුරා හුවමාරු වෙන්න පටන් ගත්තට පස්සේ. ක්‍රීඩා උත්සවයක් කරන්න පහසුකම් මොනතරම් මදි වුනත් උත්සාහය අත්හරින්නේ නැතුව ඒ අහිංසක දරුවන් වෙනුවෙන් කැප වෙලා වැඩ කරපු විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලයට හැමෝගෙම ආදරය හිමිවුණා. මේක බොහොම කැපවීමෙන් ලෝකය දිනන්න හදන පුංචි පාසලක්. ඔබටත් පුළුවන් ඔවුන්ට අත්වැලක් වෙන්න. ෆේස්බුක් එකේ මේ පාසැල වෙනුවෙන් වෙන් වෙලා තියන පිටුවට ගියොත් ඔබට තවත් ගොඩක් දේවල් දැකගන්න අවස්ථාව ලැබේවි. අවසානයට කියන්න තියෙන්නේ ලංකාව වගේ පුංචි රටක අධ්‍යාපන ක්ෂේත්‍රයට මේ එකමුතුකම මේ කැපවීම ඇත්තටම ආශීර්වාදයක්.

සිසුන් 18 දෙනෙකු වෙනුවෙන් මෙතරම් ලොකු කැප කිරීමක් කල එම ගුරුවරුන්ගේ හිත් කොතරම්නම් විශාල ඇතිද..?

ස්තුතියි ඔබට!









gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements