Featured News

Video Gossip

Advertisement

සිය සවිය කියන්නේ රැල්ලක් නම් නෙවෙයි
රැල්ලක් කියන එක ඉක්මනින්ම නැති වෙලා යනවා

මේ වනවිට රටේ සෑම ප්‍රදේශයකම තරුණ ප්‍රජාවගේ විශාල පිබිදීමක් දැකගන්නට පුළුවන්.ඉතිං gossip 99 අද අපේ කතාබහත් සමග එකතුවෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කය තුළ එලෙස ගොඩනැගුණු තරුණ කණ්ඩායමක් ගැනයි."නැගී සිටින්නට වෙර දරන දිරිය මිනිසුන් සොයා යන ගමන" යන තේමාව මුල් කරගත් ඔවුන් 'සහෝදරත්වයේ දෑත පදනමයි'

ඔබ පිරිස පිළිබදව කතා බහට ලක් වෙන්නේ "සිය සවිය" කියන සංකල්පයත් සමගයි.ඉතිං ඒ සංකල්පය ගැන හැදින්වීමක් කළොත්


ඔව් අපේ සංවිධානය තමයි The Hand of Brotherhood (සහෝදරත්වයේ දෑත)කියන්නේ.එහි එක් ව්‍යාපෘතිය යෝජනාවක් තමයි සිය සවිය කියන්නේ.තමාගේම කුඩා ව්‍යාපාරයක් තුලින් සාර්ථකත්වය කරා ගිය හා සාර්තකත්වය කරා යන ගමනක යෙදෙන දිරිය මිනිසුන්ගේ ව්‍යාපාර ආරම්භය, නිෂ්පාදන ක්‍රියාවලිය වෙලදපොල හා ගැටලු ආදිය දැනුවත් කරමින් ඔවුන් පිලිබද සමාජය, වගකිය යුතු බලධාරින්.මූලය ආයතන ආදිය දැනුවත් කර ඔවුන්ගේ ව්‍යාපාර ගමනට සවියක් දීම තමයි සිය සවියේ සංකල්පය

දැනට මේ කණ්ඩායම තුළ සිටින පිරිස ගැන කියනවානම්
ලහිරු කරුණාරත්න, ශිරාන් මාන්නක්කාර, කවී විජේසූරිය, බුද්ධික ඉෂාර,චමිඳු කන්දෙහේවා,මනුල ප්‍රභාත්,නිමේෂ් ද සොයිසා,විරාජ් ලක්ෂිත තමයි මේක ආරම්භ කලේ.ඒ වගේම තවත් පිරිසක් අපිට සහාය දෙනවා වැඩසටහන් වලදී

මේ වනවිට රට තුළ විවිධාකාර ලෙස රැල්ලක් පවතිනවා.ඉතිං 'සිය සවිය'කියන්නෙත් රැල්ලක්ද?
සිය සවිය කියන්නේ රැල්ලක් නම් නෙවෙයි.මොකද රැල්ලක් කියන එක ඉක්මනින්ම නැති වෙලා යනවා.මේ වැඩසටහන කරන්නේ අපි තරුණයන් විදිහට ජාතික යුතුකමක් වශයෙන් ලක් මෑනියන්ට.

දැනට මේ ව්‍යාපෘතියේ ක්‍රියාකාරිත්වය ගැන කතාකරනවානම්
වැඩසටහන දැනට රත්නපුර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වෙනවා.ඒ වගේම ලගදීම කොලඹ හා මහනුවර දිස්ත්‍රික්ක වලත් අපි ආරම්භ කරනවා.ඒ වගේම ලංකාවම ආවරනය කරන්න බලාපොරොත්තු වෙනවා.ඒත් එක්කම කියන්න ඕනි රන් ආභරණ කර්මාන්තය,ගෙවතු මල් වගාව,දේශීය කොහු නිෂ්පාදනය,ජාත්‍යයන්තර වශයෙන් සිදුවෙන පලතුරු හා එළවළු අපනයන ආදි ව්‍යාපෘති පිළිබදව අපි දැනට සාකච්ඡා කරලා තියෙනවා.

කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමේදි දැනෙන හැගීම ගැනත් මතක් කරමු,
මේ තරම් කෙටි කාලයක් තුල මේ තරම් ගමනක් යන්න කන්ඩායමේ එකමුතුව තමයි බලපෑවේ.

එතකොට "සිය සවිය" ව්‍යාපෘතිය තුළ අවසාන අරමුණ පැහැදිලි කළොත්,
අවසාන අරමුණ වෙන්නේ රටේ ආර්ථිකයට ශක්තියක් වෙන්න ව්‍යවසායකයන් දිරිමත් කිරීම තමයි.

මේ වනවිට ඉතා කෙටිකාලයක් වුවත් ප්‍රදේශයක් තුළ දැඩි කතාබහකට "සිය සවිය" පත්වෙලා තියෙනවා.ඉතිං මේ කාලය තුලත් මතුවුණු ගැටළු පවතිනවද?
ඇත්තටම කියන්න සතුටුයි කිසිම ගැටලුවක් මේ වනවිට නම් මතු වෙලා නෑ.

ව්‍යාපෘතියේ ඉදිරි සැළසුම් පිළිබදවත් මතක් කරමු
අපි ව්‍යාපාරකයින් දැනුවත් කිරීමේ දේශන, ජාත්‍යන්තර හා දේශිය වෙලදපොල ජය ගැනීමට සම්බන්ධීකරන කටයුතු කීර්ම හා ව්‍යාපාරකයින් දිරි ගැන්වීමේ වැඩසටහන් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා.



අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මොනවද?
ඔව්,ඒ වගේම කියන්න ඕනි අපි දැනට කරපු ව්‍යාපෘති පිළිබදව "සිය සවිය"( Siya sawiya )හා "සහෝදරත්වයේ දෑත" ( The Hand of Brotherhood ) Facebook pages තුළින් හා අපේ YouTube Chanel මගින් බලාගන්න පුළුවන්.ඒ වගේම මං පුංචි ආරාධනාවක් කරනවා ලක්වාසී සියලුම දෙනාට ඔබේ ප්‍රදේශයේත් සිදු කරන ස්වයං රැකිය පිළිවබදව දැනුවත් කිරීමට අප සමග සම්බන්ධ වෙන්න කියලා.

Lahiru - 0777740990 Shiran - 0719335984 Kavi - 0772559653








gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements