Advertisement

ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන නොයා කිසියම් කාන්තාවක් ගණිකා වෘත්තියේ යෙදීම ශ්‍රී ලංකා නීතිය තුළ වරදක් නොවන බවට තීරණය කරමින්, පොලිසිය මඟින් පවරා තිබූ නඩුවකින් තායිලන්ත ජාතික කාන්තාවක් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා පසුගියදා මුදා හැරියා.

යම් පුද්ගලයකු ව්‍යාපාරයක් ලෙස කාන්තාවන් ගණිකා වෘත්තියේ යොදවා මුදල් උපයන්නේ නම් පමණක් ගණිකා වෘත්තියේ නිරතවීම සම්බන්ධයෙන් චෝදනා ගොනු කළ හැකි නමුත් එසේ නොවී මුළුමනින්ම හෝ අමතර වශයෙන් ගණිකා වෘත්තියෙන් තම ජීවිකාව ගෙනයන්නේ නම් එම තැනැත්තන්ට ශ්‍රී ලංකා නීති ක්‍රමය අනුව නඩුවක් පැවැරිය නොහැකි බවද කොටුව මහෙස්ත්‍රාත්වරයා දන්වා සිටියා.

ඒ සම්බන්ධයෙන් පැරැණි නඩු තීන්දු 2ක්ද මහෙස්ත්‍රාත්වරයා උදාහරණ ලෙස ගෙනහැර දැක්වූ අතර ගණිකා නිවාසයක් කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් පමණක් නඩු පැවැරීමට හැකියාවක් තිබෙන බවද ප්‍රකාශ කරනු ලැබුවා.

කොල්ලුපිටිය ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් තුළ සේවයේ නිරත වී යැයි කියන කාන්තාව ඇතුළු කාන්තාවන් පිරිසක් කොල්ලුපිටිය පොලිසිය මඟින් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත සිදුකළ වැටලීමකින් අත්අඩංගුවට ගෙන තිබූ අතර පසුගියදා පවත්වනු ලැබුවේ ඒ පිළිබඳ නඩු විභාගයයි.

එලෙස මුදා හරිනු ලැබුවේ තායිලන්ත ජාතික කාන්තාවකි.

ගණිකා නිවාසය කළමනාකරණය කළා යැයි පවසමින් ඉදිරිපත් කර තිබූ තායිලන්ත ජාතික කාන්තාව සම්බන්ධ නඩු විභාගය ජුනි මස 4 වැනිදා යළි පැවැත්වීමට නියමිතයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements