Advertisement

හිටපු ජනාධිපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතා සිය පක්ෂ ‌ලේකම් දයාසිරි ජයසේකර මහතා හරහා හමුවීමක් සදහා ‌වෙලාවක් ලබා ‌දෙන ‌ලෙස කළ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා කටයුතු ‌කර තිබෙනවා.

ඒ අනුව ලබන අගහරුවාදා (18) ‌මෙම හමුව පැවැත්වීමට අගමැතිවරයා ‌වේලාව ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

අරලිය ගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිත ‌මෙම හමුවට ‌‌මෛත්‍රිපාල සිරිසේන, දයාසිරි ජයසේකර ශ්‍රිලනිපය නියෝජනය කරමින්ද, මහින්ද රාජපක්ෂ මහතා හා බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් ‌පොහොට්ටුව නියෝජනය කරමින්ද සහභාගී වීමට නියමිතයි.

ඉදිරි මහමැතිවරණයේදී එක්ව තරග වැදීම පිළිබද ‌මෙහිදී ඉතා තීරණාත්මක සාකච්ජා වටයක් පැවැත්වෙනු ඇති බව දැනගන්නට තිබෙනවා.

ජනාධිපතිවරණයෙන් පසුව මහින්ද රාජපක්ෂ මහතා සහ ‌මෛත්‍රීපාල සිරිසේන මහතා ‌මෙසේ මුහුණට මුහුණ හමුවක් පැවැත්වෙන්න‌ේ පළමු වතාවටය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements