Advertisement

ඉඩම් හා ඉඩම් සංවර්ධන, පරිසර හා වනජීවී ඇමැති එස් එම් චන්ද්‍රසේන මහතා විසින් කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරින් වෙත යවා ඇති බවට සදහන් වන විශේෂ ලිපියක් හේතුවෙන් සමාජ ජාලාවල ඔහුට දැඩි විවේචන එල්ලවෙමින් තිබේ.

එකී ලිපියේ සඳහන් වන්නේ පසුගිය ජනාධිපතිවරණයේදී අනුරාධපුර දිස්ත්‍රික්කය ජයග්‍රහණය කිරීමට කළ කැප කිරීම අගයමින් ඔවුන්ගේ නිවාස වල කාමරයක් නොමිලේ වායුසමීකරණය කර දීමට සූදානම් බවයි.
ඒ සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්චාවකට තම කාර්යාලයට පැමිණෙන ලෙස ඇමැතිවරයා එම ලිපිය මගින් නිලධාරීන්ට ආරාධනා කර ඇත.

මෙම ලිපිය සම්බන්ධයෙන් සමාජ ජාලාවන්හි විවේදන ඉදිරිපත් කරන්නන් අතර ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට දැඩිව සහාය පල කල පිරිස්ද බොහෝ සිටිති.

කෙසේ නමුත් මෙම ලිපිය ව්‍යාජව සකස් කරන ලද්දක්ද හෝ එසේ නොවේදැයි ඇමතිවරයාගේ පාර්ශවයෙන් මෙතෙක් පැහැදිලි කිරීමක් සිදු කර නැත.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements