රහස් පොලිසිය එන විට බිලියන ගනන් කොමිස් ගැසූ ශ්රී ලන්කන් ලොක්කයි බිරිඳයි නිවසින් මාරුවෙයි
gossip
,
gossip lanka
,
Gossip-Lanka
,
Gossip-Lanka-News
,
hot news
,
kapila chandrasena
,
latest
,
Latest-News
,
News
,
Politics
,
Sri lankan
ශ්රී ලන්කන් ගුවන් සේවයේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද‍්‍රසේන හා ඔහුගේ බිරිද අත්අඩංගුවට ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.
ඔවුන් අපරාධ පරීක්ෂණ නිලධාරීන් පැමිණෙන බව දැන ගෙන නිවසින් පැනගොස් ඇති බවයි එම දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු සඳහන් කළේ.
රහස් පොලිසිය විසින් කොළඹ 07 පිහිටි අදාළ නිවස වෙත ගිය අවස්ථාවේදී ඔවුන් ඊට පැය ගණනකට පෙර පලාගොස් ඇති බව හෙළිව තිබෙනවා.
2013 වසරේදී ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයට ගුවන් යානා මිලට ගැනීමේදී සිදුව ඇතැයි කියන අල්ලස් ගැනීමක් සම්බන්ධයෙන් ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇති අතර ඔවුනට රටින් පිටවීමද අධිකරණය විසින් තහනම් කර තිබෙනවා.

