Advertisement

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රධානව ඉදිරියේ දී පිහිටුවන නව සංධානයේ සම නායකයන් පත් නොකරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ බත්තරමුල්ලේ පිහිටි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සම නායකත්වයකට එකඟ නොවන බවත් රටම පිළිගන්නා නායකයා වන මහින්ද රාජපක්ෂ නව සන්ධානයේ නායකයා බවත් ඔහු එහිදී පැවසීය.

දැනටමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණ සන්ධාන ගතවී ඇති බවත් රටට ආදරේ කරන සියලුම බලවේග එක් කර පුළුල් සන්ධානයක් ඉදිරියේදී පිහිටුවන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

ශ්‍රීලනිපය නන්නත්තාරයි !

කෙසේ වුවත් මීට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසා තිබුණේ යෝජිත සන්ධානයේ සම නායකත්වය සඳහා හිටපු ජනාධිපති සහ ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලබාදිය යුතු බවය. එහෙත් ඒ සම්බන්ධව දැඩි විරෝධයක් පොදුජන පෙරමුණ අභ්‍යන්තරයේ පැවතිණ.

මේ අනුව දැන් හිටපු ජනාධිපති සිරිසේනට සිදුවන්නේ පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් නායකත්වය දරන රොෂාන් රණසිංහ යටතේ නාමයෝජනා ලබාදී මහ මැතිවරණයට ඉදිරිපත් වීමටය. නැතිනම් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමටය.

එසේම මේ වන විට ශ්‍රීලනිපයේ සිටි විශාල ප්‍රමාණයක් මන්ත්‍රීවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ අගමැති මහින්ද රාජපක්ෂට සමීපව සිටින අතර ඒ හේතුවෙන් පොදුජන පෙරමුණේ තීන්දුව හමුවේ කේවල් කිරීමේ අවස්ථාවද අහිමිව පවතින බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements