Featured News

Video Gossip

Advertisement

රජය විසින් ලබාදෙන සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස අනුගමනය නොකරන්නේ නම් එළැඹෙන අප්‍රේල් 07 වැනිදාට පෙර ශ්‍රී ලංකාවේ කොරෝනා අධි වසංගත තත්ත්වයක් ඇතිවිය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

ජනතාව වගකීම් විරහිතව හැසිරෙන්නේ මෙම කාලසීමාවේ කොරෝනා රෝගීන් විශාල ලෙස වර්ධනය වනු ඇති බව ද සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා පෙන්වා දෙයි.


ජනතාව පවතින තත්වය තේරුම් ගෙන ඊට අනුගත නොවුණහොත් අප්‍රේල් 4 වැනිදා වනවිට කොරෝනා අධි වසංගත තත්ත්වයක් මෙරටට පැමිණීම වැලැක්වීමට නොහැකි වනු ඇතැයිද ඔහු සඳහන් කළේය.

යම් ලෙසකින් කොරෝනා රෝගීන් 2000ක් පමණ වූ විට මෙරට සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටී ඊට දරා ගැනීමට නොහැකි වන බවත් ඉන් පසු සිදු වන්නේ රෝගීන් දෑස් ඉදිරිපිටම මියයන්නට දී බලාසිටීම පමණක් බවද ඔහු තව දුරටත් කියා සිටියේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements