Advertisement

පෑලියගොඩ සිට කෙරවළපිටිය අධිවේගී මාර්ගයේ මීට පෙර අය කළ මුදල මීට දින කිහිපයකට ඉහත දී රුපියල් 100කින් වැඩිකර තිබෙනවා.

මීට පෙර අය කළ මුදල වූයේ රුපියල් 50කි.

පෑලියගොඩ, වත්තල සහ හැඳල හංදියේ ඇති රථ වාහන තදබදය මඟ හැර යාමට බොහෝ රියැදුරෝ එම අධිවේගී මාර්ගය භාවිත කරනු දක්නට ලැබුවා.

විශේෂයෙන් ම මහබාගේ, වැලිසර, රාගම සහ කඳාන නගරවලට අඩු කාලයකින් ළඟා වීමට මෙම අධිවේග මාර්ග කොටස භාවිත කිරීමට ජනතාව පෙළඹී සිටි බව රහසක් නොවේ.

මෙම ගාස්තුව වැඩිකිරීමට හේතුව අපුරුය. “සමහර අය අධිවේගී මාර්ගයේ මෙතැනට ඇවිල්ලා ඊට පස්සේ කොළඹ – මීගමුව පාරෙන් කටුනායක යනවා”. ඒ ගාස්තු අය කරන කවුළුවක සිටි සේවකයෙක් එම ගාස්තු වැඩිකිරීම ගැන දක්වූ අදහසකි.

නමුත් අධිවේගී මාර්ග පද්ධතිය දියුණු කිරීමේ මුලික අරමුණ වුයේ ජනතාවට අඩු මුදලකින් ඉක්මනින් තම ගමන් අවශ්‍යතා ඉටු කර ගැනීමට උපකාරී වීමයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements