Advertisement

නිවසේ සිට ස්‌වයං නිරෝධායනයට ලක්වූ පළමු කාන්තාව සමාජ ගත කිරීම ඊයේ (18) සිදු කෙරුණා.

නාත්තන්ඩිය ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය උපුල් ජයතිලක මහතාගේ අධීක්ෂණය යටතේ මේ කාන්තාව ඇතුළු පවුලේ සියලු දෙනා නිරෝධායනයට ලක්වූ අතර මැය ඉතාලියේ සිට පසුගිය තුන්වැනි දින මෙරටට පැමිණ තිබුණා.

පසුගිය 18 වැනි දින පස්වරුවේ නිරෝධායන කටයුතු වලින් මේ පවුලේ සමාජිකයන් නිදහස් කරමින් වෛද්‍ය සහතිකයක් නිකුත් කිරීම හා ප්‍රදේශවාසීන්ට මේ බව දැන්වීම සදහා නිවස ඉදිරිපිට දැන්වීමක් දැමීමද සිදු කෙරුණා.
මෙහිදී අදහස් දැක්වූ නාත්තන්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය උපුල් ජයතිලක මහතා ප්‍රකාශ කලේ මේ පවුලේ සාමාජිකයන් ඉතා හොදින් තම අධීක්ෂණය යටතේ ස්‌වයං නිරෝධායනයකට ලක්වූ බවයි.

ඒ පිලිබදව සැලකිල්ලට ගනිමින් වෛද්‍ය වාර්තාවක් නිකුත් කිරීමට තමන් පියවර ගත් බවද වෛද්‍ය උපුල් ජයතිලක මහතා වැඩිදුරටත් සඳහන් කළා.

නාත්තන්ඩිය නගරයට ඉතා කිට්ටුවෙන් පිහිටා ඇති මේ නිවසේ සිටි කාන්තාව ප්‍රකාශ කලේ පසුගිය දින කීපයේ තමනට විවිධාකාරයේ තාඩන පීඩන වලට මුහුණ පෑමට සිදු වූ බවයි.

” අපි දිහා මිනිස්සු බැලුවේ අමුතු විදිහට . ඒ අවස්ථාවන්හිදී අපි ඇත්තටම අසරණ වුනා . නමුත් කරන්න දෙයක් තිබුනේ නැහැ.

අපි දැනගෙන හිටියා අපිට කිසිම රෝගී තත්වයක් නැහැ කියලා නමුත් කරන්න දෙයක් තිබුනේ නැහැ .

ඉවසීමෙන් සියල්ල විද දරා ගෙන සිටියා . කෙසේ වෙතත් දැන් ලොකු සතුටක් තියෙනවා .

රජය පිළිගෙන තිබෙනවා අපිට ලෙඩක් නැහැ කියලා.

ඒ පිළිබද අපිට සහතිකයක් නිකුත් කරලා තියෙනවා . ඒ නිසා දැන් බය නැතුව පාරේ බැහැලා යන්න පුළුවන්. ”

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements