Advertisement

රථවාහන තදබදයට විසඳුමක් ලෙස වැල්ලවත්ත සිට බත්තරමුල්ල දියත උයන දක්වා මගී ප්‍රවාහන බෝට්ටු සේවාවක් මෙම 11 වැනිදා සිට ආරම්භ කෙරෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ශ්‍රී ලංකා⁣ ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් නාවික හමුදාවේද දායකත්වය ඇතුව මෙම බෝට්ටු සේවාව පවත්වාගෙන යනු ලබනවා.
වැල්ලවත්ත ශාන්ත පීතර විද්‍යාලය අසලින් (සැවෝයි සිනමා ශාලාව ඉදිරිපිට) ආරම්භ කෙරෙන බෝට්ටු සේවාව බත්තරමුල්ල දියත උද්‍යානය අසලට සහ යළි එහි සිට වැල්ලවත්ත දක්වා පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා ක්‍රියාත්මක වනවා.මේ සඳහා මගීන් 18 බැගින් ගමන් කළ හැකි බෝට්ටු ⁣දෙකක් සහ මගීන් අටදෙනෙකු බැගින් ගමන් කළ හැකි බෝට්ටු දෙකක් යොදවා ඇතැයිද මාසයක් තුළ බෝට්ටු සංඛ්‍යාව වැඩි කරන බවද ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්.ආර්.ඩබ්ලිව්.ජී. සොයිසා මහතා සඳහන් කළා.

විනාඩි තිහකට වරක් බෝට්ටුවක් ගමන් අරඹන අතර ගමන් මග කිලෝමීටර් දහයක් බවද හෙතෙම සඳහන් කළා.

බත්තරමුල්ල නගරය පරිපාලන නගරයක් නිසා බොහෝ පිරිස් දිනපතා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණෙන බවද කී සභාපතිවරයා මෙම බෝට්ටු සේවාව මගින් ඉතා ඉක්මනින් එම ස්ථාන වෙත ළඟාවීමට අවස්ථාව උදාවන බවද සඳහන් කළා.

වැල්ලවත්ත සිට බත්තරමුල්ලට සහ බත්තරමුල්ල සිට වැල්ලවත්ත දක්වා එක් මගියකුගෙන් රුපියල් හැට බැගින් අය කරනු ඇති.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements