හාදු දීම තහනම් – කොරෝනා නිසා පැනවෙන අලුත් නීති
gossip
,
gossip lanaka
,
Gossip Lanka News
,
Gossip-Lanka
,
Gossip-Lanka-News
,
hiru gossip
,
kissing
,
Latest News
,
mini-gossip
,
neth gossip
,
News
,
web gossip
ඉතාලියේ ගතවූ පැය 24 තුලදී කොරෝනා වෛරසය හේතුවෙන් පුද්ගලයින් 27 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඉතාලියේ පමණක් මේ වන විට වෛරසය ආසාධිත රෝගීන් 2502ක් සිටින බවයි එරට සෞඛ්‍ය බලධාරින් සඳහන් කර සිටින්නේ.
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ඉහල යාමත් සමග ඉතාලි රජය විසින් විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා. එම උපදෙස් මාලාව අනුව වයස අවුරුදු 75 ට වඩා වැඩි පුද්ගලයින්ට නිවෙස් තුලටමවී සිටින ලෙසයි එහි දැක්වෙන්නේ.
එමෙන්ම එකිනෙකා වැළද ගැනීම, හාදු දීම, අතට අත දීම මාසයක කාලයක් තහනම් කිරීමට නියෝග කරමින් ඉතාලි රජය නියෝග කර තිබෙනවා. එමෙන්ම ජනාකීර්ණ ස්ථානවල ගැවසීමෙන් වලකින ලෙසත් පුද්ගලයින් දෙදෙනෙක් අතර පරතරය මිටරයක් ලෙස පවත්වා ගන්නා ලෙසයි නියෝග කර ඇත්තේ. එමෙන්ම මෙම මාසය තුලදී ඉතාලියේ පවත්වනු ලබන සියලු ක්‍රීඩා තරග සඳහා ප්‍රේක්ෂකයින්ට ඇතුල්වීම තහනම් කර තිබෙනවා.
මේ අතර ඉන්දියාවේ කොරෝනා වෛරසය ආසාධිතයින් 25 දෙනෙක් සිටින බව එරට මාධ්‍ය අද වාර්තා කර සිටියා.
ඉන් 16 දෙනෙක් ඉතාලියේ සිට පැමිණි සංචාරකයින් වන අතර ඔවුන්ගේ ඉන්දීය ජාතික රියදුරාටද වෛරසය ආසාධනය වී ඇති බවයි එරට සෞඛ්‍ය අංශ තහවුරු කර ගෙන ඇත්තේ.
මේ අතර විදේශීය රටවලින් චීනයට පැමිණි ගුවන් මගීන් 75 දෙනෙකු නව කොරෝනා වෛරසය වැලදී ඇති බවට තහවුරු වී තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් චීනයේ රේගු අධිකාරිය සඳහන් කලේ විදේශිකයින් 6,728 දෙනෙක් එරටට පැමිණ ඇති අතර ඉන් පුද්ගලයින් 779 දෙනෙක් සැක කටයුතු පුද්ගලයින් ලෙස වර්ගීකරණය කර ඇති බවත් වෛරසයට ගොදුරුව සිටි පුද්ගලයින් 75 දෙනෙක් හදුනාගෙන ඇති බවයි.

