මං පොලිසියට ඇවිත් දවස් 15යි - අඩු වයසින් විවාහ වෙලා පැනලා ගිය කපල් 7ක් පොලිසියට ගෙනාවා - හොරෙන් පැනලා ගිහිල්ලා නතර වෙන්නේ හෝටල්වල
gossip
,
gossip lanka
,
Gossip-Lanka
,
Gossip-Lanka-News
,
hot news
,
latest
,
Latest News
,
Latest-News
,
mini-gossip
,
News
“මං හිඟුරක්ගොඩ පොලිසියට ඇවිත් දවස් 15යි. ඒ කාලය තුළ පාසල් යන වයසේ දරුවන් අඩු වයසින් විවාහ වෙලා පැනලා ගියපු කපල් 7ක් පොලිසියට ගෙනවා. ඒ කාගෙවත් වරදින් නෙවේ මවුපියන්ගේ වරදින්” යැයි පවසා සිටියේ හිඟුරක්ගොඩ පොලිස් ස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක බුද්ධික ගුණසේකර මහතා විසින් හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාපයේ මින්නේරිය ජාතික පාසලට පත්වූ නව විදුහල්පතිවරයා එපා යැයි පවසමින් එම විද්‍යාලය ඉදිරිපිට 02 දින පැයක පමණ කාලයක් විරෝධතාවක නිරත වූ මවුපියෝ පිරිසක් අමතමිනි.
පසුව වැඩිදුරටත් මවුපියන් අමතා සිටියේ මේ අයුරින්ය.
මේ මවුපියන් පාසලට හොඳ ගුරුවරු, හොඳ පාසල් ඉල්ලනවා වාගේම තමන්ගේ දරුවන් පිළිබඳ ගොඩාක් සොයා බලන්න. අදත් මම පාසල් දරුවෙක් මොනරාගල ඉඳලා ඇවිත් හිඟුරක්ගොඩ පාසලක සිසුවියක් එනතෙක් හිඟුරක්ගොඩ බස් හෝල්ට් එකේ රෑ එළිවෙනකං නිදාගෙන ඉන්නකොට අත්අඩංගුවට ගෙන පොලිසියට අරන් ගියා. ඒ වාගේමයි මං හිඟුරක්ගොඩ පොලිසියට ඇවිත් දවස් 15යි. ඒ කාලය තුළ පාසල් දරුවන් අඩු වයසින් පැනලා ගියපු කපල් 7ක් පොලිසියට ගෙනවා. ඒ කාගෙවත් වරදින් නොවේ මවුපියන්ගේ වරදින්. මවුපියන් දරුවන් පාසලට හෝ පන්තියට ගෙනත් දාලා යනවා. ඒ අය පාසලෙන් හෝ පෞද්ගලික පන්තියෙන් හොරෙන් පැනලා ගිහිල්ලා නතර වෙන්නේ හෝටල්වල. දරුවන් පිළිබඳ මීට වඩා සොයා බලන්න ඕනි. ඒ නිසා ළමයි පොතපත ගැන හා ගුරුවරු ගැන විතරක් හොයලා වැඩක් නෑ. දරුවන්ට හොඳ ආරක්ෂාවක් ලබාදීම මවුපියන් විසින් කළ යුතු වගකීමක් කියලා මතක තබා ගන්න යැයි මවුපියන්ට පොලිස් ස්ථානාධිපතිවරයා අවවාදයක්ද කළහ.
“දැන් අලුතින් එනවා කියන විදුහල්පතිවරයා මේ පාසලට එන්නේ නෑ කියලා අධ්‍යාපන නිලධාරීන් පවසනවා. එම නිසා පිරිස විසිර යන ලෙස දන්වා සිටිනවා.”
නමුත් විරෝධතාවයේ නිරත වූ පිරිස පවසා සිටියේ දැනට විද්‍යාලයේ සිටින විදුහල්පතිවරිය ඉතා හොඳ බවත් එම විදුහල්පතිවරිය සිටියදී විනය විරෝධී කටයුතු සිදුකළ විදුහල්පතිවරයෙක් අප පාසලට කිසිසේත් අවශ්‍ය නැති බවයි. දැනට පාසලේ සිටින විදුහල්පති මෙම වසරේ විශ්‍රාම යන අතර එතෙක් එම විදුහල්පතිවරිය පාසලේ රඳවා තබන ලෙසත් එයින් පසු වෙනත් විදුහල්පතිවරයකු පත්කරන ලෙසත් බලධාරීන්ගෙන් සහ නිලධාරීන්ගෙන් ඉල්ලමින් විරෝධතාවයේ නිරත වූහ.
පොලිස් ස්ථානාධිපතිවරයා මවුපියන් දැනුවත් කිරීමෙන් පසු සුළු වේලාවක් විරෝධතාවයේ නිරතවීමෙන් පසු මවුපියෝ එම ස්ථානයෙන් පිරිස විසිර ගියහ.
හිඟුරක්ගොඩ - ප්‍රියා

