Advertisement

අද වන විට රට තුළ පානීය ජලය සැපයුම උග්‍ර අර්බුදයක් බවට පත්වී ඇති බව රාජ්‍ය ඇමති වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.

මීට හේතුවක් වී ඇත්තේ සීමිත පිරිපහදු ජල ප්‍රමාණය අත්‍යවශ්‍ය නොවන දේ සඳහා භාවිතා කිරීම බවද ඔහු සඳහන් කළේය.

ඇතැමුන් ගෙවතු වල පැළ නඩත්තු කිරීම සඳහා මෙම පිරිපහදු කළ ජලය යොදා ගන්නා බවත් වාහන සේදීම සඳහා මේවා යොදා ගන්නා බවත් ඔහු පැවසීය.
තමන්ට පලයක් ඇත්තේ නම් එම කටයුතු තහනම් කරන බව ද රාජ්‍ය ඇමතිවරයා කීවේය.

එමෙන්ම තවත් පිරිසක් දවසට දෙවරක් නාන බවත් එයද මේ අවස්ථාවෙන් නොකළ යුත්තක් බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මේ අදහස් පල කරන ලදී.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements