Advertisement

එක්සත් ජාතික පක්ෂයේ එකමුතුකම වෙනුවෙන් තමා එජාප මහ ලේකම් තනතුරින් ඉල්ලා අස්වන බව අකිල විරාජ් කාරියවසම් මහතා ඊයේ (03දා) ‘සිරිකොත’ පක්ෂ මූලස්ථානයේදී ප්‍රකාශයට පත්කර තිබේ.
එජාප නායක රනිල් වික්‍රමසිංහ, ජාතික සංවිධායක නවින් දිසානායක ඇතුළු පක්ෂයේ ජේ‍යෂ්ඨ නායකයන් අතර පැවැති සාකච්ඡාවකදී එජාප මහ ලේකම්වරයා මේ බව ප්‍රකාශ කර ඇත.

ඒ අනුව දෙපාර්ශ්වයටම එකඟවිය හැකි අලුත් මහ ලේකම්වරයකු පත්කරගන්නා ලෙසද අකිල විරාජ් කාරියවසම් මහතා එහිදී පවසා තිබේ.

“මම මේ තීරණය හදවතට එකඟව ගන්නා තීරණයක්. මාව බිල්ලට අරන් හරි පක්ෂය රැක ගන්න. මේ තීරණය අනුව පක්ෂයත් පාක්ෂිකයාත් ආරක්ෂා කරගැනීම සියලුදෙනාගේ යුතුකම” යැයිද එජාප මහ ලේකම්වරයා එහිදී ප්‍රකාශ කර ඇත. 

ශිරාන් රණසිංහ

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements