Advertisement

සමගි ජන බලවේගය සමාරම්භක උත්සවයට සහභාගි වූ පළාත් පාලන ආයතන සභිකයන් මන්ත්‍රී ධුරවලින් ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා.
සමගි ජන බලවේගයේ සමාරම්භක උත්සවය කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02 ) පැවැත්වුණා.

මෙම උත්සවයට එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන සභිකයෝ රැසක් සහභාගි වී සිටියා. ඔවුන් මන්ත්‍රී ධුරවලින් ඉවත් කර නවක මන්ත්‍රීවරුන් පත් කිරීමට පියවර ගන්නා ලෙස පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම්ට උපදෙස් ලබාදී තිබෙනවා.

දිවයින පුරා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පළාත් පාලන මන්ත්‍රීවරුන් 2000කට ආසන්න සංඛ්‍යාවක් සිටිනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements