Advertisement

ඉන්දියානු ජාතිකයින් සමග මෙරට සංචාරයේ නිරත වු අනුරාධපුර- මිහින්තලේ ප්‍රදේශයේ පදිංචිකරැවෙක් සහ ඔහුගේ බිරිද සහ දරැවෙකු පංදිචිව සිටි නිවසක් අද (21) නාඋල පොලිසිය විසින් වටලනු ලැබුවා. 

ඊයේ (20) සවස පැමිණ ඇති මෙම පිරිස නාඋල - පිළිහුඩුගොල්ල ප්‍රදේශයේ නිවසක රැදී සිටින බවට පොලිසියට ලැබුණු තොරතුරක් අනුව නාඋල පොලිසියේ නිලධාරින් සහ ග්‍රාම නිළධාරිවරයා එක්ව අදාල පිරිස සොයාගෙන තිබෙනවා.

ඇඳිරි නිති සමයක වෙනත් ප්‍රදේශයකට සංචාරයක නිරතවීම මෙන්ම විදෙස් සංචාරකයන් ඇසුරැ කර සෙසු පුද්ගලයින් ඇසුරැ කිරිම වැනි කාරණා සම්බන්ධයෙන් කිසිදු වගකීමකින් කටයුතු නොකිරීම පිළිබදව පොලිසිය විසින අදාල පාර්ශවයන්ට අවවාද කළ අතර පිරිස එම නිවස තුළම ස්ව්‍යං නිරෝධායනයකට ලක් කිරිමට කටයුතු කරන ලෙස ද පොලිසිය දන්වා තිබෙනවා.
නාඋල පොලිස්ථානාධිපති පොලිස් පරික්ෂක යු.ජි.පි.කේ. රත්නායක මහතාගේ උපදෙස් පරිදි විශේෂ පොලිස් කණ්ඩායමක් හා නාඋල මහජන සෞඛ්‍ය පරික්ෂක කාර් යාලය මෙන්ම ප්‍රදේශ භාර ග්‍රාමනිලධාරි වරයාගේ මැදිහත් වීම යටතේ අදාල සංචාරක මගපෙන්වන්නා ඇතුළු පිරිස රැදි සිිටි නිවසට අමතරව සෙසු නිවාස වලට ගමන් කර ඇත්ද යන්න පිළිබද පුළුල් පරික්ෂණයක් සිදු කෙරෙනවා.

මීට අමතරව පවත්නා ඇදිරිනීති තත්ත්වයත් සමග නාඋල පොලිස් බලප්‍රදේශයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ද මේ වනවිට සකසා තිබෙනවා.

ඒ නවය මාර්ගයේ මෙන්ම ඇලහැර මාර්ගයේ දී ක්‍රියාත්මක මෙම ආරකෂක වැඩපිළිවෙල යටතේ රථවාහන පරික්ෂාව මෙන්ම විවිධ පුද්ගලයින් දැන්වත් කිරිම පොලිසිය විසින් සිදු කරනවා.

නාඋල අයි.ඒ.කුමාර

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements