කොරෝනා ආසාදිත 22 දෙවැනියාත් කරාපිටිය රෝහලෙන් හමුවෙයි
corona
,
gossip
,
gossip lanaka
,
Gossip Lanka News
,
Gossip-Lanka
,
Gossip-Lanka-News
,
hiru gossip
,
Latest News
,
mini-gossip
,
neth gossip
,
News
,
web gossip
22 වන කොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයා වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
ඒ 73 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් වන අතර මොහු කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බවද වාර්තා වෙයි.
13 හැවිරිදි ගැහැණු ළමයෙකු ඇතුළු කොරෝනා වෛරසය ආසාදිත තවත් ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු අද දහවල් හඳුනා ගැණුනි.
50 හැවිරිදි සහ 37 වන වියෙහි පසුවන පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් ඔවුන් තිදෙනා අතර වෙයි.
ඒ අනුව මෙරටින් වාර්තාවන කොරෝනා වෛරසය ආසාදිතයින් ගණන 22ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.
මේ අතර ෆේස්බුක් ඔස්සේ කොවිඩ් -19 පිළිබඳව අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ පුද්ගලයින් දෙදෙනෙකු රාගම සහ බණ්ඩාරගම ප්‍රදේශවලදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

