Advertisement

ඉදිරි දින දහය කොරෝනා වෛරසය සම්බන්ධයෙන් රටට තීරණාත්මක කාල පරිච්ඡේදයක් වනු ඇතැයි තොරතුරු අනාවරණ වනවා.

ඒ, කොරෝනා ආසාදිත ද යන්න දැන ගැනීම සඳහා නිරෝධායන ක්‍රියාවලියේ නිරත 23,000ක් පමණ වූ පිරිසකගේ තත්ත්වය ඉදිරි කාලයේදී දැනගැනීමට හැකිවීමත් සමඟයි.

මෙවන් පසුබිමක අද (25) දිනයට අදාළව මෙතෙක් කොවිඩ් 19 ආසාධිත වූ කිසිදු රෝගියෙක් මෙරටින් වාර්තා නොවීම විශේෂත්වයක්.

කොරෝනා ආසාදිතයින්ගෙන් සියයට දෙකක් සඳහා රෝග ලක්ෂන ඉක්මනින් පෙන්නුම් කළත් සියයට 98ක රෝග ලක්ෂන පෙන්නුම් කරන්නේ, දින 11ත් 14ත් අතර කාලය තුලයි.

ඒ අනුව රටපුරා පුද්ගලයින් 23,000ක් ස්වයං නිරෝධායනය සඳහා මේ වන විට යොමුකර ඇත්තේ, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පොලිසිය සහ හමුදා අධීක්ෂණයෙන්.

එමෙන්ම නිරෝධායනයේ යෙදෙන පුද්ගලයින් සහ ඔවුන් ඇසුරු කළ පුද්ගලයින් පිටුපස බුද්ධි අංශ ද නිරන්තරයෙන් ක්‍රියාත්මක වේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements