Advertisement

රත්නපුර නගරයට ආසන්නම ප්‍රදේශයක් වූ මුද්දුව ප්‍රදේශයෙන් පසුගිය 17 වැනි දින කොරෝනා රෝගය වැලඳී ඇති බවට තහවුරු කර ගත් මුල්ම රෝගියා අංගොඩ අයි. ඩී. එච්. නිරෝධායන මධ්‍යස්ථානයට යැවීමට සෞඛ්‍ය අංශ කටයුතු කළ බව සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පැවසීය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා මෙසේද පැවැසීය.

මෙම පුද්ගලයා මැණික් ව්‍යාපාරයට සම්බන්ධ අයෙක්. ඔහු පසුගිය දිනවල රත්නපුරේ මැණික් ව්‍යාපාරික කටයුතු සිදු කරන අඹ ගහයට ප්‍රදේශයට හා තවත් ස්ථානයක අවමඟුල් ගෙදරකටත් ගොස් ඇති බවටත් පුද්ගලයන් බොහෝ පිරිසක් සමඟ සම්බන්ධ වී කටයුතු කර ඇති බවටත් තහවුරු වී තිබෙනවා. ඒ නිසා මෙම රෝගය තවත් කිහිප දෙනකුට හෝ වැලඳී ඇති බවට හෝ වැලඳිය හැකි බවට විශ්වාස කරනවා. ඒ අනුව සියලු සෞඛ්‍ය අංශ මේ පිළිබඳ පසු විපරම් සිදුකරමින් අවධානයෙන් කටයුතු කරමින් සිටිනවා.
මේ වනවිට රත්නපුර මහ රෝහලටත් සැක සහිත රෝගීන් 25දෙනකු ඇතුළත්ව නිරෝධායනයට ලක්කර සිටිනවා. ඒ අයගෙන් තවමත් කිසිදු රෝගියකුට කොරෝනා වැලඳී ඇති බවට තහවුරු වී නෑ. නමුත් ඕනෑම තත්ත්වයකට මුහුණදීමට රත්නපුර දිස්ත්‍රික්කයේ නිරෝධායන මධ්‍යස්ථාන සංඛ්‍යාව වැඩි කර තිබෙනවා. ඒ අනුව ඇහැලියගොඩ රෝහලත් , නිවිතිගල මූලික රෝහලත්, බළන්ගොඩ රෝහලත් මේ සඳහා සූදානම් කර තිබෙනවා. ඊට අමතරව යුද හමුදාව විසින් පුස්සැල්ල පුහුණු මධ්‍යස්ථානයත් මේ සඳහා අවශ්‍ය වුවහොත් යොදා ගැනීමට සියලු කටයුතු සිදුකර තිබෙනවා.

මේ තත්ත්වය පහව යනතුරු සෙනඟ රැස්වන ස්ථානවලට හා අනවශ්‍ය ගමන් බිමන් සීමා කරන ලෙසත් සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් පිළිපදින ලෙසත් ඉල්ලා සිටිනවා. එසේ නොවුණහොත් මෙම තත්ත්වය ශීඝ්‍රයෙන් වැඩිවිය හැකියි.

කුරුවිට - කේ. ඒ. එස්. පියතිලක

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements