Advertisement

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් දිවයිනේ සියලුම පාසැල් අද සිට මෙම මස 26 වෙනිදා දක්වා වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මීට ඉහත වාර්තා වූයේ සියලුම පාසල් වල අධ්‍යාපන චාරිකා අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය දිවයින පුරා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ට දැනුම් දී තිබෙන බවකි.

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් මතුව ඇති හදිසි තත්ත්වය සළකා බලා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මේ බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

හෙට දිනයේ සිට පාසැල් මෙසේ වසා තැබීමට නියමිත අතර අද පස්වරු 02.00ට මේ ගැන අවසන් තීන්දුවක් ගැනීමට නියමිතය.

මෙම නියමය පුද්ගලික පාසල් සම්බන්ධයෙන් ක්‍රියාත්මකද නැද්ද යන්න තවම දන්වා නැත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements