කොළඹ ආනන්ද විද්‍යාලයක අසළ කලබලකාරී තත්ත්වයක් ඇතිව තිබෙනවා.
මේවනවිට IDH රෝහලේ ප්‍රතිකාර ලබන කොරෝනා රෝගියාගේ දරුවන් එම විදුහලේ අධ්‍යාපනය ලබන නිසා දෙමාපියන් සිය දරුවන් නැවත නිවෙස්වලට ගෙන යාම සඳහා පැමිණීම නිසා මෙම තත්ත්වය මතුව තිබෙනවා.
වැඩිමහල් සිසුවා 12 වසරේ සහ බාල දරවා 8 වසරේ අධ්‍යාපනය ලබන අතර එම දරුවන් දෙදෙනා ඇතුළු නිවසේ පිරිස නිවාස තුළම රඳවා නිරෝධායනය කිරීම මේ වනවිට සිදු වනවා.
වයිරස ආසාදිත පුද්ගලයාගේ දරුවාට ද එම වයිරසය ආසාදනය වී ඇති බවට පැතිර යන ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවයක් නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
රෝගියාගේ පවුලේ සාමාජිකයින් සියලු දෙනා සෞඛ්‍ය අංශවල අධීක්ෂණය යටතේ සුවයෙන් පසුවන බව ද ඔහු සඳහන් කළේය.
කොළඹ ආනන්ද විද්‍යාලයට ද තමන් වසංගත රෝග විද්‍යාඥයින් දෙදෙනෙකු යවා තත්ත්වය සොයා බැලූ බව අනිල් ජාසිංහ මහතා පවසය.

