මෙම රෝගය වැලදෙන්නන්ගෙන් 4%ක් මිය යනවා - ලංකාවේ තත්වය භායනකයි - අලුත් අවුරුද්ද මලගමක් නොකර LockDown කරන්න
corona
,
gossip
,
gossip lanaka
,
Gossip Lanka News
,
Gossip-Lanka
,
Gossip-Lanka-News
,
gossipmain
,
hiru gossip
,
Latest News
,
mini-gossip
,
neth gossip
,
News
,
web gossip
ජනතාව අතර කොරෝනා වෛරසය ව්‍යාප්තිය ආරම්භවෙලා
මෙම රෝගය වැලදෙන්නන්ගෙන් 4%ක් මිය යනවා
පුත්තලම දිස්ත්‍රික්කය ඇතුළු තවත් පොලිස් බල ප‍්‍රදේශ කිහිපයකට පනවන ලද ඇඳිරි නීතිය අද පෙරවරුවේ ඉවත් කිරීම සම්බන්ධයෙන් විරෝධය දක්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මෙම රෝගය වැලදෙන්නන්ගෙන් 4%ක් මිය යනවා
පුත්තලම දිස්ත්‍රික්කය ඇතුළු තවත් පොලිස් බල ප‍්‍රදේශ කිහිපයකට පනවන ලද ඇඳිරි නීතිය අද පෙරවරුවේ ඉවත් කිරීම සම්බන්ධයෙන් විරෝධය දක්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙමින් ඇති මොහොතක මෙහි වගකීම භාර ගන්නේ කවුදැයි සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා පැවසීය.
මෙය වසංගත රෝග මර්ධනයේ විද්‍යානුකුල ක‍්‍රමවේදය නොවන බවත් ඒ සදහා උපදෙස් දුන් සෞඛ්‍ය බලධාරීන් කවුරුන්දැයි ඔහු ප‍්‍රශ්ණ කලේය.
යම් හෙයකින් එසේ ඇදිරි නීතිය ඉවත් කරන්නේ නම් එම ප්‍රදේශය Lock Down කළ යුතු බවද සඳහන් කළේය.
මේ වන විට ජනතාව අතර කොරෝනා වෛරසය ව්‍යාප්තිය ආරම්භ වී ඇති බවත් ඉදිරි සති දෙක තුනක කාලයේදී කුමක් වේදැයි කිව නොහැකි බවත් ඒ මහතා පැවසීය.
මෙම රෝගය වැලදෙන්නන්ගෙන් 4%ක් මිය යන බවත් අද අප ගන්නා තීරණය මත අලුත් අවුරුද්ද මළගමක් වන්නේද නොවන්නේද යන්න තීරණයක වනු ඇති බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පල කලේය.
ශ‍්‍රී ලංකාවේ කොරෝනා ව්‍යාප්තියේ මුල් සතිය ඉතාලියේ මුල් සතියටද වඩා දරුණු බවද සංගමය එහිදී පෙන්වා දුන්හ.

