ඉතාලියේදී මියගොස් මෙරටට දේහයක් රැගෙන ඇවිත් - ජාඇළින් හමුවූ පළමු කොරෝනා රෝගියා ඒ මළ ගෙදර ගිහින්
corona
,
gossip
,
gossip lanaka
,
Gossip Lanka News
,
Gossip-Lanka
,
Gossip-Lanka-News
,
hiru gossip
,
Latest News
,
mini-gossip
,
neth gossip
,
News
,
web gossip
ජාඇළ ප්‍රථම කොරෝනා වෛරසය ආසාදිත පළමු පුද්ගලයා පෙරේදා (18 වාර්තා වූ බව ජාඇළ මහජන සෞඛ්‍ය පරීක්ෂක අනුර අබේරත්න මහතා පවසනවා.
ඉකුත් පෙබරවාරි 13 වැනිදා ඉතාලියේ සිට මෙරටට පැමිණ ඇති මේ පුද්ගලයා ජාඇළ මෙරිල් ෆොන්සේකා මාවතේ පදිංචි 55 හැවිරිදි විවාහක පුද්ගලයකු බව වාර්තා වනවා.
අදාළ පුද්ගලයා ලංකාවට පැමිණීමෙන් පසු ඉතාලියේ සිට පැමිණි තවත් කණ්ඩායමක් සමග ඉතාලියේදී මියගොස් මෙරටට රැගෙන ආ පුද්ගලයකුගේ අවමංල්‍ය උත්සවයකටද ජාඇළ ප්‍රදේශයේදී පසුගියදා සහභාගි වී ඇති බව ජාඇළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළා.
මෙම ආසාදිතයා ප්‍රතිකාර සඳහා අංගොඩ පිහිටි ජාතික බෝවන රෝග විද්‍යායතනයට ඇතුළත් කොට ඇති අතර ඔහුගේ පවුලේ සාමාජිකයන්ද නිරෝධායන කටයුතු සඳහා යොමුකොට ඇති බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කියා සිටියා.

