Advertisement

කොරෝනා ආසාදිත පුද්ගලයකුගෙන් මාසයක කාලයකදී තවත් පුද්ගලයන් 406 දෙනෙකුට එය ආසාදනය විය හැකි බව දැනට සිදුකර ඇති පරීක්ෂණ වලින් හෙළි වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් එම සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා මේ බව කියා සිටියේය.

එනිසා පවතින තත්වය හමුවේ රජය විසින් ලබා දෙන උපදෙස් අනුව ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය බව ද ඔහු සඳහන් කළේය.

තාවකාලිකව ඇඳිරි නීතිය ලිහිල් කලත් එම කාලයේ දී අත්‍යවශ්‍ය නොවන කටයුතු වලට නිවෙස්වලින් බැහැර නොවන ලෙසද රජය විසින් මේ වනවිට මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

එසේ නිවසින් බැහැර වන පුද්ගලයන් ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසද දැනුම් දී ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements