Advertisement

අද (19) දිනය තුළ මෙරටින් නව කොරෝනා වෛරස ආසාදිතයින් 07දෙනෙකු හදුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. 

ඒ අනුව සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 59ක් දක්වා ඉහල ගොස් ඇති බව අනිල් ජාසිංහ මහතා පෙන්වා දෙන්නේය. 

කොවිඩ් 19 වෛරසය පාලනය සඳහා වන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ අද (19) මේ වන විට පැවැත්වෙන මාධ්‍ය හමුව අමතමින් වෛද්‍යවරයා මේ බව පැවසීය.

අද දිනයේ හදුනාගත් ආසාදිතයින් අතර කුඩා ළමයෙකු ද වන බව ඔහු සදහන් කළේය. 

මීට අමතරව කොරෝනා වෛරසයේ සැක සහිත රෝග ලක්ෂණ පෙන්නුම්කරන පුද්ගලයින් 243ක් දිවයිනේ රෝහල් 15ක වෛද්‍ය අධීක්ෂණය යටතේ රැදීසිටින බව වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දෙයි. 

ඒ අතර විදේශිකයින් සිව් දෙනෙකු ද වන බව ඔවුන් පවසන්නේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements