Advertisement

ජනතාවට එක්රැස් නොවන ලෙස ලබාදී ඇති උපදෙස් නොතකා ඊයේ (18) රාත්‍රියේ බේරුවල පොලිස් වසමේ පැවැත්වූ ෆේස්බුක් සාදයක් වටලා තරුණියන් දෙදෙනෙක් ඇතුඵ දහඅට දෙනෙක් අත්අඩංගුවට ගැනීමට බේරුවල පොලිසිය සමත්ව තිබෙනවා.

ලද තොරතුරක් මත පොලිස් නිළධාරින් බේරුවල ගාලුපාරේ සිව් මහල් ගොඩනැගිල්ලක ඉහළ මාලය වටලා පරික්‍ෂා කර සාදය පවත්වමින් සිටි තරුණ පිරිස මෙලෙස අත්අංඩගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සියලු දෙනා මත්ව සිටි බවයි පොලිසිය පවසන්නේ.

මෙසේ අත්අංඩංගුවට පත්ව ඇත්තේ බේරුවල, බලපිටිය, රත්මලාන ප‍්‍රදේශවල පදිංචි 18-30 අතර වියේ පසුවන පිරිසක් වන බවයි පොලිසිය වැඩිදුරටත් පවසන්නේ. 

අත්අඩංගුවට පත්වූවන් අතර මුස්ලිම් ජාතික තරුණ තරුණියන් වැඩි පිරිසක් සහ සිංහල තරුණියක් සිටින බව අතර පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා. 


පොතුපිටිය සුමිත් රණවක

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements