Advertisement

දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණි පිරිසට දැනුම් දෙන ලද්දේ රුපියල් 7500 මුදලක් තමන් ළඟ තබා ගැනීමට බව ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා සඳහන් කරයි.

නිරෝධායන ස්ථානයට ගිය පසු මුදල් හුවමාරු කිරීමට අවස්තාවක් නොමැති නිසා එසේ දැන්වූ බවත් එසේ නැතිව එය ගාස්තුවක් ලෙස රජයට ගැනීමට නොවන බවත් ඔහු සඳහන් කළේය.

අදාළ දැනුම් ගිය දීම යම්කිසි පිරිසක් විසින් වැරදියට වටහා ගෙන තිබූ බවද ඔහු සඳහන් කළේය.

අද පෙරවරුවේ ගුවන් මඟින් මෙරටට පැමිණි දකුණු කොරියාවේ සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසකට මෙම පත‍්‍රිකාව ලබා දීමෙන් පසු ඒ සම්බන්ධයෙන් සමාජජාලාවල දැඩි විරෝධයක් එල්ලවිය.

එමෙන්ම එය අසත්‍ය ලේඛනයක් ඇයිද චෝදනා එල්ලවිය.

කෙසේ නමුත් ජනාධිපති අතිරේක ලේකම් වරයාගේ ප්‍රකාශයෙන් පෙනී යන්නේ එය අසත්‍ය ලේකණයක් නොවන බවයි.

නමුත් ඔහුට අනුව සිදුව ඇත්තේ වැරදි වටහා ගැනීමකි.

ජනාධිපති අතිරේක ලේකම්ගේ ප‍්‍රකාශය පහතින්

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements