එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ලාංකිකයන් දෙදෙනෙක් කොරෝනා වෛරසයට ගොදුරු වූ බව තහවුරු කරයි
Corona-viruses
,
Coronaviruses
,
gossip
,
gossip lanka
,
gossip lanka hot
,
Gossip-Lanka
,
Gossip-Lanka-News
,
hot news
,
latest
,
Latest News
,
Latest-News
,
mini-gossip
,
News
,
UAE
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් දෙදෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඊයේ (10) නිවේදනය කළ බව එරට පළවන ගල්ෆ් ටයිම්ස් පුවත සේවය වාර්තා කළා.
‘ගල්ෆ් නිව්ස්’ පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේ එරට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඊයේ කොරෝනා වයිරසය වැළදුණු රෝගීන් 15 දෙනකු හමුවූ බවත්, ඉන් දෙදෙනකු ශ්‍රී ලාංකිකයන් බවත්ය.
ඉතිරි සෙසු පිරිස අතර ඉතාලි ජාතිකයින් තිදෙනෙකු ද ,එමීර් ජාතිකයින් දෙදෙනෙකු ද, බ්‍රිතාන්‍ය ජාතිකයින් දෙදෙනෙකු ද, ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු ද, ඉරානය, ජර්මනිය, ටැන්සානියාව සහ දකුණු අප්‍රිකාවෙන් එක් අයෙකු බැගින් සිටිනවා.
ලාංකිකයින් දෙදෙනා සමඟ මේ වන විට එමීර් රාජ්‍යයෙන් කෙරෝනා වෛරසය ආසාදිතයින් 74 දෙනෙකු වාර්තා වන බව ද ගල්ෆ් ටයිම්ස් වාර්තා වේ සදහන් වනවා.
මේ වනවිට ලාංකිකයින් දෙදෙනා ඇතුළු පිරිස අබුඩාබි හි නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බවද එම පුවත් සේවය වාර්තා කර තිබෙනවා.එසේම ඔවුන් ගේ තත්ත්වය බරපතල නොවන බවද එම වාර්තා වේ දැක්වෙනවා.

