Advertisement

කැනේඩියානු අගමැති Justin Trudeau ගේ බිරිඳ වන Sophie Gregoire Trudeau හට නව කොරෝනා වෛරසය වැලදී ඇතිබව තහවුරු වී තිබෙනවා.

අගමැතිවරයාගේ බිරිඳ බ්‍රිතාන්‍යයේ සංචාරයක් සඳහා ගොස් නැවත පැමිණීමෙන් පසුව කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමෙන් අනතුරුව වෛද්‍ය පරීක්ෂණයකට පෙනී සිට ඇත.

කැනේඩියානු අගමැතිවරයා සහ ඔහුගේ බිරිඳ මේ වන විටත් අගමැති නිල නිවසේ නිරෝධාන කටයුතු වලට ලක්වෙමින් පසුවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

මේ අතර මිලියන 38කට ආසන්න කැනඩාවේ ජනතාවගෙන් සීයයට 30 -70 ත් අතර පිරිසකට කොරෝනා වෛරසය ආසාධනය විය හැකි බව එරට සෞඛ්‍ය අමාත්‍යවරිය වන Patty Hajdu අද අනතුරු අඟවා සිටියා.

කැනේඩියානු පාර්ලිමේන්තුවේ සෞඛ්‍ය කමිටුවේ අද පැවති විශේෂ රැස්වීමකට ඇය ප්‍රකාශ කර සිටියේ ඉදිරියේදී ඇති විය හැකි තත්ත්වයන් සඳහා රජය සුදානම් විය යුතු බවයි.

කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට කැනඩාවේ එක් පුද්ගලයෙක්‌ ජිවිතක්ෂයට පත්ව ඇති අතර වාර්තා වන රෝගීන් ගණන 100ක් වනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements