Advertisement

බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ඇමැතිනි නේඩින් ඩොරිස් මහත්මියට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව වෛද්‍ය පරීක්ෂණ වලින් තහවුරු වී තිබෙනවා.

“වයිසරය මට ආසාදනය වී ඇති බව තහවුරු කරගත්තා. එය දැනගත් විගස මම සියලු වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කළා” යැයි ඇය මාධ්‍ය වෙත පැවසුවා.
මේ වනවිට ඇමැතිනිය සිය නිවසට වී සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් සිටින බව පැවසෙනවා.

බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් මහතා සමඟ පසුගිය 8 වැනිදා පැවති ලෝක කාන්තා දිනය සැමරීම සඳහා ඇය සහභාගී වූ අතර ගනුදෙනු කළ පුද්ගලයන් 100කට අධික පිරිසක් මේ වනවිට වෛද්‍ය පරීක්ෂණ වෙත යොමු කර ඇති බව වාර්තා වනවා.

බ්‍රිතාන්‍යයේ ඇමැති මණ්ඩලයට වයිසරය ආසාදනය වූ පළමු අවස්ථාව වශයෙන් කොන්සවේටිව් පක්ෂයේ සාමාජිකයකු වන සෞඛ්‍ය ඇමැතිනිය සැලකිය හැකි බව බලධාරීහු සඳහන් කරනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements