Advertisement

නිරෝධානය කිරීම සඳහා දැනට නිර්දේශ කර ඇති දකුණු කොරියාව, ඉරානය, ඉතාලිය යන රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයන් නිරෝධානය සදහා විරුද්ධ වන්නේ නම් ඔවුන් පැමිණි රටටම ආපසු පිටත් කර හැරීමට දැනුම් දී ඇති බව යුද හමුදාව පවසයි.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා කොලඹදී පැවති මාධ්‍ය හමුවේ දී කියා සිටියේ අදාළ රටවල්වලින් පැමිණෙන සියලුම පුද්ගලයන් නිරෝධාන ක්‍රියාවලියට සහයෝගය දැක්විය යුතු බවය.

එම පුද්ගලයන්ට ශ්‍රී ලංකාවට හැකි උපරිම පහසුකම් ලබා දී ඇති බවත් රටක් ලෙස මෙයට යම් පිරිවැයක් දැරීමට සිදුව ඇති බවත් ඔහු සඳහන් කළේය.

නිරෝධාන කටයුතු සම්බන්ධයෙන් ජාල ඔස්සේ පළවන පුවත් ගැන අනියත බියක් ඇති නොකර ගන්නා ලෙසද හමුදා මාධ්‍ය ප්‍රකාශක වරයා ඉල්ලා සිටියේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

එහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා කියා සිටියේ රෝග නිරෝධායන හා වැළැක්වීමේ ආඥා පනත යටතේ එම රෙගුලාසි කඩකරන්නන්ට විරුද්ධව අධිකරණයේ නඩු පැවරිය හැකි බවත් වරදකරු වුවහොත් මාස හයක් දක්වා සිරදඬුවම් දඩයක් නියම කළ හැකි බවත්ය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements