Advertisement

චමත්කා ලක්මිණී කියන්නේ වර්තමානයේ ඉන්න බොහෝ දෙනෙක්ගේ ආදරය දිනාගත්ත රංගන ශිල්පිනියක් වගේම නිරූපිකාවක්. ඉරාජ්ගේ ගිනියම් රෑ ගීතය හරහා ක්ෂේත්‍රයට එන චමත්කා ගැන නැවත වතාවක් ලොකුවටම කතා බහ වෙන්න පටන් ගන්නේ මීට ටික කාලයකට කලින් ප්‍රදර්ශනය වුන හුස්ම චිත්‍රපටය හරහා. චමත්කා තාමත් දායක වෙලා තියෙන්නේ නිර්මාණ කිහිපයකට පමණක් වුනත් ප්‍රේක්ෂකයන්ගේ හිතේ අමතක නොවන තාරකාවියක් බවට පත්වන්න ඇය වාසනාවන්ත වෙලා තියනවා.

නිරූපණදී වුනත් හැමවිටම අලුත් සංකල්පවලට යන්න චමත්කා උත්සහ ගන්නවා කිව්වොත් හරි. අලුත් දේවල් කරද්දී කොහොමත් මුලින් මුලින් බැනුම් අහන්න වෙන එක සාමාන්‍ය දෙයක්. ඒ නිසාම චමත්කාටත් ගොඩක් අය හොඳ කියද්දී බැනුම් අහන්න වුන අවස්ථාත් නැතුවම නෙමෙයි. 

ඉතින් කොහොමහරි විවාහයෙන් ටික කාලයකට පස්සේ චමත්කා මවක් වෙන්න සූදානමින් හිටියා කියන එක මේ වෙද්දී හැමෝම දන්න කාරණයක්. 

මව් පදවියට සුදානම් වෙන අතරේ චමත්කා හරි අපූරු ෆොටෝ ෂූට් කිහිපයක්ම කරලා තිබුනා. ගොඩක් අය ඒ ගැන හරිම ඉහළින් කතා කරද්දී ඒවට බැනපු අයත් නැතුවම නෙමෙයි. මේ කතා ඔක්කොම අතරේ ඔන්න පහුගිය දවසක චමත්කගේ පුංචි පවුලට පුංචිම පුංචි අමුත්තෙක් එකතු වෙලා තිබුනා. චමත්කාවත් සැමියාවත් කුලුඳුලේම දෙමව්පියන් කරපු මේ සිඟිත්තා දුවෙක්ද පුතෙක්ද කියන එක ගැන තාම සඳහනක් නැති වුනත් අම්මයි දරුවයි දෙන්නම හොඳින් ඉන්නව් කියලා තමයි දැනගන්න ලැබෙන්නේ.

ඉතින් ජීවිතේට මේ එකතු වුන අලුත් වෙනසත් එක්ක හැමදාමත් සතුටින් සැපෙන් ඉන්න පුළුවන් වෙන්න කියලා ඔන්න අපිත් චමත්කගේ පුංචි පවුලට සුබ පැතුම් එකතු කරනවා. 






gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements