Advertisement

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන තනතුරු කිහිපයක් සඳහා සුදුස්සන් නම් කර නිර්දේශ ලබා දෙන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම්ට දැනුම් දී තිබෙනවා.

පක්ෂයේ නියෝජ්‍ය නායක, පක්ෂ සභාපති සහ දිස්ත්‍රික් නායකයන් මෙන්ම ආසන සංවිධායකවරු සඳහා සුදුස්සන් පත් කිරීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව නියෝජ්‍ය නායකයා ලෙස සිටි සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගයට එක්ව සිටින අතර සභාපති කබීර් හෂීම් මහතාද සමගි ජන බලවේගයට එක්ව සිටිති. නියෝජ්‍ය නායක තනතුර සඳහා නවීන් දිසානායකගේ නම මේ වන විට යෝජනා වී තිබෙනවා.

නවීන් දිසානායක මහතා එම තනතුරට පත් වුවහොත් ජාතික සංවිධායක ධුරය හිස් වෙනවා.

මේ වන විට දිස්ත්‍රික්ක හතක පමණ දිස්ත්‍රික් නායකයන් සමගි ජන බලවේගයට එක්ව සිටිනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements