විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරියෙක්ගේ ඥාතියෙක්ට කොරෝනා - නිලධාරීන් රැසක් ස්වයං නිරෝධානයට
corona
,
gossip
,
gossip lanka
,
gossip lanka hot
,
Gossip-Lanka
,
Gossip-Lanka-News
,
hot news
,
latest
,
Latest News
,
Latest-News
,
mini-gossip
,
News
විදේශ අමාත්‍යාංශයේ නිලධාරියෙකුගේ පවුලේ ඥාතියෙක්ට කොරෝනා වෛරසය වැලදීම හේතුවෙන් ඔහුව ස්වයං නිරෝධානයානය කිරීමට එම අමාත්‍යාංශය විසින් උපදෙස් ලබාදී තිබෙනවා. ඒ එම නිලධාරියාට කොරෝනා වෛරසය වැලදී ඇත්නම් ඔහුගෙන් තවත් පුද්ගලයින්ට එය සම්ප්‍රේෂණය වීමේ වැළැක්වීමේ අරමුණින්.
මෙම නිලධාරියා ඊයේ දිනයේ සිට ස්වයං නිරෝධානයට ලක් කර ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර සිටියේ.
ඊට අමතරව මෙම නිලධාරියා සමග මෙරටදී සේවය කළ නිලධාරීන්ට සහ ඔහු සති දෙකකට පෙර රාජකාරී කටයුත්තක් සඳහා ගොස් සිටි විදෙස් රටක පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන්ටද ස්වයං නිරෝධායන ක්‍රියාවලියකට ලක් වන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය උපදෙස් ලබාදී ඇත.
ඊට අමතරව මෙම නිලධාරියා රාජකාරී කටයුතු සිදුකළ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අදාළ ස්ථාන සියල්ලම විෂබීජහරණය කිරීමට වැඩිදුර පියවර ගෙන ඇත.
