Advertisement

නිවසෙහි නාන කාමරය තුළදී අලුත උපන් බිලිඳාට පිහියෙන් ඇණ හොරණ මූලික රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත්ව සිටි 21 හැවිරිදි අවිවාහක තරුණියක් ඊයේ (16) අත්අඩංගුවට ගත්බව බණ්ඩාරගම පොලිසිය සඳහන් කළා.

එම බිලිඳාගේ මළ සිරුර හොරණ මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇතැයි පොලිසිය පවසනවා.
ෙබණ්ඩාරගම වල්ගම කොස්හේන ප්‍රදේශයේ පදිංචි තරුණියක් අධික ලේ වහනය වීමේ රෝගී තත්ත්වයකින් හොරණ මූලික රෝහලට ඇතුළත් වීමෙන් පසු වෛද්‍යවරයෙකු කරන ලද පරීක්ෂාවේදී ඇය දරුවෙකු ප්‍රසූත කර ඇති බවට අනාවරණය වීමෙන් පසු හොරණ මූලික රෝහලේ පොලිස් මුරපොලේ නිලධාරීන් බණ්ඩාරගම පොලිසියට කරන ලද දැනුම් දීමක් අනුව විමර්ශන ආරම්භ කළ බව බණ්ඩාරගම පොලිසිය පැවසුවා.

හොරණ මූලික රෝහලට එම තරුණිය මව සමඟ පැමිණ ඇති අතර තරුණියගෙන් බිලිඳා පිළිබඳ විමසීමේදී බිළිඳාගේ සිරුර නාන කාමරය තුළ තිබෙන බව පවසා තිබෙනවා.

පසුව රෝහලට රැගෙන එන ලද බිලිඳා ඒ වන විටත් මියගොස් සිට බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළා.

බිලිඳා නාන කාමරය තුළ ප්‍රසූත කිරීමෙන් පසු තරුණිය පිහියකින් පෙකණිවැල වෙන්කර අනතුරුව බිළිඳාට පිහියෙන් ඇති බව පොලිසිය පවසනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements