Advertisement



හෙට(17) සිට දින රජය දින තුනක විශේෂ නිවාඩුවක් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව හෙට සිට එළඹෙන බ්‍රහස්පතින්දා දක්වා මෙම නිවාඩුව බල පැවැත්වෙන බව රජය නිවේදනය කරයි.

සෞඛ්‍ය, ආහාර සැපයුම්, ප්‍රවාහන, අත්‍යාවශ්‍ය සේවා, බැංකු, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හැර රජයේ අනෙකුත් දෙපාර්තමේන්තු, සංස්ථා ඇතුළු ආයතන සඳහා මෙම විශේෂ දින 03ක නිවාඩුව බල පැවැත්වෙනු ඇති.
පෞද්ගලික අංශයට ද මෙම නිවාඩුව ලබාදෙන මෙන් රජයේ ඉල්ලා සිටියි.

කොවිඩ් නයින්ටීන් වෛරසයේ ව්‍යාප්තිය පිළිබඳ අවධානය යොමුකරමින් තවදුරටත් මෙම නිවාඩුව දීර්ඝ කිරීම හෝ නොකිරීම පිළිබඳ සලකා බැලීමට නියමිතයි.

රජය විසින් අද(16) දිනය ද රජයේ නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත් කර තිබිණි.

ඒ අනුව රාජ්‍ය ආයතන බැංකු සහ වෙළඳ නිවාඩුවක් ලෙස ද අද දිනය ප්‍රකාශයට පත් කෙරිණි.

කෙසේ වෙතත් අද රජයේ නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත් කර තිබුනද සෞඛ්‍ය අංශ සඳහා එය වලංගු නොවු බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශ ලේකම් භද්‍රානී ජයවර්ධන මහත්මිය පැවසීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements