Advertisement


කොරෝනා වෛරසය ආසාධිත බවට සැක කරන කාන්තාවක් හලාවත මහා රෝහලට පැමිණීමෙන් පසු මුල්ලේරියාව IDH රෝහලට මාරු කර යැවු බව හලාවත මහා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල මල්ලවාරච්චි ප්‍රකාශ කර සිටිනවා.

අද පෙරවරු 10.00 ට පමණ මෙම කාන්තාව හලාවත මහා රෝහලට පැමිණ ඇති අතර ඉන් පසු ප්‍රතිකාර ගැනීම සදහා පැය භාගයකට වැඩි කාලයක් අනෙකුත් රෝගීන් සමග භාහිර රෝගී අංශයේ ගත කර ඇති බවයි හෙළිවී ඇත්තේ.

මේ සිදුවීම වූ වහාම රෝහල් කාර්ය මණ්ඩලයේ ඇතැමෙකු මේ කාන්තාව පරික්ෂා කිරීම සදහා ඉදිරිපත් නොවී ඇති අතර පසුව රෝහල් අධ්‍යක්ෂකවරයා පැමිණ මේ කාන්තාව පරික්ෂා කර බලා කොළඹ උණ රෝහලට යැවීමට කටයුතු කර තිබුණා.

56 හැවිරිදි මේ කාන්තාව හලාවතට සැතපුම් දහයක් පමණ නුදුරින් පිහිටි ගමක ජිවත් වන තැනැත්තියක් වන අතර ඇය ඉතාලියේ සිට මෙරටට පැමිණ ඇත්තේ පසුගිය තුන වන දිනයි.

එසේ පැමිණි ඇය තම හිතවතුනට සංග්‍රහ කිරීම සදහා සාදයක්ද පවත්වා තිබෙන බවට අනාවරණය වී ඇත.

හලාවත රෝහලේ ප්‍රකාශකයෙකු කියා සිටියේ මේ කාන්තාවගෙන් කොරෝනා රෝගියෙකුට සමාන සියලු රෝගී ලක්ෂණ දක්නට තිබු බවයි.

මේ සම්බන්ධයෙන් හලාවත මහා රෝහලේ අධ්‍යක්ෂකවරයාගෙන් කල විමසීමේදී කියා සිටියේ එම කාන්තාවට කොරෝනා වෛරසය වැලදී ඇති බව තහවුරු කර ගත හැක්කේ නියමිත පරීක්ෂණ වලින් පසුව බවයි.

මේ කාන්තාව ඇසුරු කල පුද්ගලයන් පිලිබදව ද සෞඛ්‍ය අංශ වල අවධානය යොමුව තිබෙනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements