Advertisement

යාපනය පලාලි ගුවන්තොටුපල හරහා යාපනය දිස්ත්‍රීක්කයට විදෙස්ගතව සිට පැමිණි අයගෙන් කොරෝනා වයිරසය හේතුවෙන් ආරක්ෂාකාරී වන ලෙසට යාපනයේ ජනතාවට යාපනය රෝහල් වෛද්‍ය සංගමය විසින් අනතුරු අඟවා ඇත.

යාපනය රෝහල රජයේ වෛද්‍ය සංගම් නියෝජිතයින් පිරිසක් විසින් යාපනය මාධ්‍ය සමාජයේදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා මේ බව පවසා සිටියේය.

එහිදී යාපනය රජයේ වෛද්‍ය සංගමය වැඩි දුරටත් පවසා සිටියේ ,

‘යාපනය පලාලි ගුවන්තොටුපල විවෘත්ව තැබුනු අවසන් දින කිහිපයේදී විදෙස්ගතව සිට පුද්ගලයින් 60 දෙනෙකු පමණ යාපනයට පැමිණ ඇති බවටත් ඉන් 14 දෙනෙකුගේ පමණ පදිංචි ස්ථාන හඳුනාගෙන ඔවුන්ට කොරෝණා වයිරසය ආසාධනය වී ඇත්දැයි පරික්ෂා කිරීමට පියවර ගෙන ඇති හෙයින් එවැනි පිරිස් සිටින ප්‍රදේශ හා පුද්ගලයින් සමග සිටීමේදී ආරක්ෂා වන සෙට ඉල්ලා සිටියේය.

එමෙන්ම කොරෝනා වයිරස් අවධානම හේතුවෙන් යාපනය ජනතාව පිළිපැදිය යුතු ආරක්ෂිත පියවර කිහිපයක් මෙන්ම නාදුනන විදෙස් ජාතිකයින් හෝ විදෙස්ගතව සිට පැමිණ නිරෝධායනය නොවූ පිරිස් ඇත්නම් ලඟම පිහිටි පොලිස් ස්ථානයන්ට හා සෞඛ්‍ය නිලධාරී කාර්යාල වෙතට දැනුම් දෙන ලෙසටත් ඉදිරි දින 14 ක පමණ කාලය තුලදී ගමන් බිම්න වලින් වැලකී හැකි තරම් නිවෙස් තුලට වී සිටීම වැනි ආරක්ෂිත පියවරයන් කිහිපයක්ද මාධ්‍ය සාකච්ඡාවට එක්වූ යාපනය වෛද්‍ය සංගමය විසින් වැඩි දුරටත් පෙන්වා දෙනු ලැබීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements