Advertisement

හිටපු කතානායක කරු ජයසූරිය මහතා මේ වන විට සිය ඉදිරි දේශපාලනය සම්බන්ධයෙන් යම් තීන්දුවක් ගන්නා තත්ත්වයට පත්ව ඇති බවක් වාර්තා වනවා.

එජාප නායකත්ව අර්බුදය ඇතිවීමත් සමඟ එම ප්‍රශ්නය විසඳන සාකච්ඡා ආරම්භ වූයේ කරු ජයසූරිය මහතාට පක්ෂ නායක්වය ලබාදිය යුතුය යන ස්ථාවරයේ සිටයි.
නමුත් මේ වන විට සිදුව ඇත්තේ කරුට පක්ෂ නායකත්වය දෙනවා තබා රනිල්ගේ පාර්ශ්වයෙන් හෝ සජිත්ගේ පාර්ශ්වයෙන් කරුට නාමයෝජනා පවා නොලැබෙන තත්ත්වයකට පත්ව තිබීමයි.

අවම වශයෙන් දෙපැත්තේම ජාතික ලැයිස්තුවට පවා කරු ජයසූරිය මහතාගේ නම ඇතුළත් වී නොමැති බව වාර්තා වනවා.

ඒ අනුව ජයසූරිය මහතා මේ වන විට දේශපාලනයෙන් විශ්‍රාම යෑම සඳහා සැලැසුම් සකස් කරමින් සිටින බව වාර්තා වනවා.

එසේ සක්‍රිය දේශපාලනයෙන් විශ්‍රාම ගොස් ඉදිරියේදී සෝභිත හිමියන්ගේ නායකත්වයෙන් නිර්මාණය කරන ලද සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ ප්‍රධාන පෙළේ භූමිකාවක් නිරූපණය කිරීමටද ජයසූරිය මහතා තීන්දු කර ඇති බවයි පැවසෙන්නේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements