Advertisement

විදේශීය නෞකාවල සේවකයන් එම නෞකාවලින් බැසීම හා ගොඩවීමට ගාල්ල වරාය තෝරාගෙන තිබීම නිසා රට තුළට කොරෝනා ඇතුල් වීමේ අවදානම ඉහළ මට්ටමක පවතින බව රේගු නිලධාරියකු සඳහන් කළා.

සිංගප්පූරුව ඇතුළු රටවල් ගණනාවක් නෞකා කාර්ය මණ්ඩල ගොඩබැසීමේ කටයුතු නතර කර ඇති තත්ත්වයක ආසන්න රටවල සිටින විදේශිකයෝ ශ්‍රී ලංකාවට පැමිණ ගාල්ල ආසන්නයෙන් යාත්‍රා කරන නෞකාවලට ගොඩවීමට කටයුතු කරනවා.


රේගුවේ හා නාවික හමුදාවේ අධීක්ෂණය යටතේ මෙම ක්‍රියාව දීර්ඝ කාලයක සිට සිදුවන අතර, ගාල්ල වරායෙන් යාත්‍රා කරන කුඩා සැපයුම් යාත්‍රාවක් මගින් මුහුද මැද දී එම කටයුතු සිදුවනවා.

එසේ යන යාත්‍රාවෙන් නෞකාවට ගොඩවන සේවකයෝ එසේ එම නෞකාවෙන් බසින සේවකයන් පසුව ගොඩබිමට පැමිණ කටුනායක ගුවන් තොටුපොළෙන් සිය රට බලා පිටත්ව යනවා.

එහෙත් එසේ ගාල්ල වරායෙන් ගොඩබසින නෞකා කාර්ය මණ්ඩලය පරීක්ෂා කිරීමට හෝ නිරෝධායනයට අවශ්‍ය කටයුතු මෙතෙක් සිදු නොවන බව වාර්තා වනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements