Advertisement

චීන ජනාධිපතිවරයා තමනට ත්‍යාගයක් ලෙස ලබාදුන් පොළොන්නරුවේ වකුගඩු රෝහල අද වන විට ඇතැමුන් දේශපාලන වාසි සඳහා භාවිතා කරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ අද වන විට රාජ්‍ය නිලධාරීන්ගෙන් විශාල ලෙස පලිගැනීම් සිදු වන බවද ඔහු සඳහන් කළේය.

වැලිකන්දේ දී පැවති ජන හමුවක් අමතමින් ඔහු මේ අදහස් පල කරන ලදී.
මෙතෙක් පොළොන්නරුවේ පැවති ඉඩම් කච්චේරිය අවලංගු කර ඇති ඉවත් කිරීම ගැසට් පත්‍රයකින් නීතිගත කර ඇති ඉඩම් කච්චේරියක් ඒ ආකාරයෙන් අවලංගු කල නොහැකි බවත් කී ඔහු තමන් ඊට විරුද්ධව ගොවීන් වෙනුවෙන් අධිකරණයට යන බවද සඳහන් කළේය.
පොලොන්නරුවට වකුගඩු රෝහලක් ගෙන ආවෙ තමන් බවත් එය චීන ජනාධිපතිගෙන් තමනට ලැබුණු තෑග්ගක් බවත් එහි බිත්තර දමන්නට වෙන කිසිවෙකුට ඉඩ නොදෙන බව ඔහු තවදුරටත් එහිදී සඳහන් කළේය.
තමා නිසි වෙලාවට උකුස්සෙක් වගේ පහර දෙන බවට සිදු කනර ලද ආන්දෝලනාත්මක ප‍්‍රකාශයට දැනටතම දැඩි විරෝධතා එල්ල වෙද්දී ඉන් දෙදිනක් යන්න පෙර හිටපු ජනාධිපතිවරයා විසින් මෙම ප්‍රකාශයද කිරීම සුවිශේෂීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements