තරුණියකට ලිංගික අතවර කල ස්ථානාධිපති නිවාඩු දමා ප්‍රදේශය හැර ගිහින්
gossip
,
gossip lanka
,
Gossip-Lanka
,
Gossip-Lanka-News
,
hot news
,
latest
,
Latest News
,
Latest-News
,
Matara
,
News
,
police
නිවෙසේ මෙහෙකාර සේවයේ යෙදුණු තරුණියකට ලිංගික අතවර කිරීම සහ අයුතු ලිංගික බලපෑම් කිරීම චෝදනා මත මාතර පොලිසියක සේවය කළ පොලිස් ස්ථානාධිපතිවරයකු සැකපිට අත්අඩංගුවට ගැනීමට මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය විමර්ශන සිදුකරයි.
වින්දිතයන් ආරක්ෂා කිරීමේ අධිකාරියට ඇගේ සොහොයුරියක විසින් කළ පැමිණිල්ලකට අනුව මාතර පොලිසිය මඟින් විමර්ශන සිදුකර ඉදිරි විමර්ශන කටයුතු සඳහා මාතර කොට්ඨාස භාර ජේයෂ්ඨ පොලිස් අධිකාරි අනිල් ප්‍රියන්ත මහතාගේ අවධානයට යොමුකර ඇත.
සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා මාතර පොලිස් ස්ථාන කිහිපයක ස්ථානාධිපතිවරයා වශයෙන් සේවය කර තිබේ. ඔහු පොලිස් පරීක්ෂකවරයකු වන අතර මේ වන විට බස්නාහිර පළාතේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු ලෙස සේවය කරයි. පොලිසිය මඟහැර යෑම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනීමට මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ද කරුණු ඉදිරිපත් කර තිබේ. ඒ අනුව මාතර මහෙස්ත්‍රාත් අධිකරණයෙන් කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය මඟින් කළ ඉල්ලීමකට අනුව මෙම සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයාට විදේශ ගමන් තහනමක්ද ගෙන තිබේ.
වින්දිත තරුණිය මාතර මහ රෝහලට ඇතුළත් කර අධිකරණ වෛද්‍ය නිලධාරි වාර්තාවක්ද ලබාගෙන තිබේ. මේ වන විට සැකකාර පොලිස් නිලධාරියා අසනීප නිවාඩු දමා ප්‍රදේශය හැරගොස් ඇතැයි වාර්තා වේ.

